ජනාධිපති ඇමරිකා ගොස් ජපානයටත් …

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

එම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු විවිධ රටවල රාජ්‍ය නායකයින් හා ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.

ඇමරිකා සංචාරය අවසන් කිරීමෙන් පසු, ජනාධිපති දිසානායක මහතා ජපාන රජයේ ආරාධනයෙන් රාජ්‍ය සංචාරයක් සඳහා සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්වීමට නියමිතය.

ජපානයේදී, මේ මස 27 වැනි දින පැවැත්වෙන ලෝක ප්‍රදර්ශන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිත අතර, ජපානයේ ඉහල නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments