ජපුර සරසවියේත් නවක වදසබරගමු සිසුවාගේ මරණයට රටම තැවෙද්දී ජ’පුරෙත් නවක වද

නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී තිබේ.

පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.  

නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක්ය.

පහරකෑ සිසුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ අයෙකු බව පැවසේ.

එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී ඇත.

සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසයි. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments