ට්‍රම්ප්ගේ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට

අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වන චාලී කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලයි.

31 හැවිරිදි වියේ පසු වූ චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පල කර තිබේ.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ධජ ලබන ඉරිදා සවස 6.00 වන තෙක් අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වේ. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර අමෙරිකානු බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments