ටෙහෙරාන් නුවර පිපිරීම් කිහිපයක්

ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානයේ නූර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය.

මේ අතර ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ප්‍රහාරය පළමුව සැලසුම් කරන ලද්දේ අප්‍රේල් අග භාගයේදී වන බවය.

හිස්බුල්ලා සංවිධානයේ දිගුකාලීන නායකයා වූ හසන් නස්රල්ලා ඝාතනයෙන් පසු  ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට පටන් ගත් බවද ඊශ්‍රායල අගමැතිවරයා චෝදනා කර ඇත.

එම න්‍යෂ්ටික වැඩසටහන අහෝසි කිරීමට මාස 6කට පෙර නියෝග කළ බවත් ඒ අනුව අප්‍රේල් මස අවසානයේදී මෙහෙයුම සඳහා දින නියම කළ බවත් ඊශ්‍රායල අගමැතිවරයා පවසා ඇත.

එමෙන්ම එක්සත් ජනපදයේ සහාය නොමැති විට පවා ඉරානයට පහර දීම හැර ඊශ්‍රායලයට වෙනත් විකල්පයක් නොතිබූ බවත් ප්‍රහාරයන් සම්බන්ධව එක්සත් ජනපදයට කල්තියා දැනුම් දී ඇති බවත් පැවසූ ඊශ්‍රායල අගමැතිවරයා දැන් කුමක් කිරීමට තීරණය කරන්නේද යන්න වොෂින්ටනයට භාර බවත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments