ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයන් ගැන සංගම් දැඩි තීරණයක

ඉන්ධන මිල සංශෝධනය වුවද නිසි නියාමනයක් සිදුනොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කළ ද එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවය.

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබුණි.

ඒ අනුව රුපියල් 299 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 294කි.

කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන වර්ගයවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙම ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා.

“අපි මේ විදියට අවුරුදු හතලිස් ගාණක් ආවා. බස්නාහිර පළාත් සභාවේ අවසාන වශයෙන් තීරණය කළේ මොකක්ද ?. උපරිමය රුපියල් 100යි. දෙවනි කිලෝමීටරයට රුපියල් 85යි. සාධාරණ මිනිස්සු කොටසක් ඉන්නවා. 100යි 85ට දුවන. ඇහුවාම සමහර අය අපි දුවන්නේ 100යි 100යි කියලත් කියනවා. ජනතාව මැසිවිලි නගනවා. ගසාකෑම් සිද්ධවෙනවා. අපි සූදානම් නැහැ තවදුරටත් විහිළුකාරයෝ වෙන්න. ඒත් ශක්තිමත් නියාමනයක් යටතේ මිල නියාමනය සිදු වුණොත් ඒක නීතියක් වෙනවා. අවට ගියාට නෙමෙයි නිෂ්චිත මිල සූත්‍රයටක අනුව හරියට ගාණක් කියලා ජනතාවට ඒක දැනුවත් කළාම අර තියෙන වංචා ඔක්කොම සමනය වෙලා මේක කරගෙන යන්න පුළුවන්. මේ පාරත් පැහැදිලිවම ගාස්තුවේ වෙනසක් නැහැ. ලබන පාරත් අඩු වුණත් වැඩි වුණත් කරන්නේ නැහැ.”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments