ත්‍රීරෝද රථයක් කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (08) පස්වරුවේ රාගම බස් නැවතුම්පල අසලදී රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 480 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 26 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී 2025.06.04 වන දින රාගම පොලිස් ස්ථානයට වාර්ථා වූ රුපියල් 1,800,000/=ක් වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයේ සැකකරු බවට අනාවරණය වී ඇත.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments