දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල
04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
 යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

adaderana.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments