දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් සඳහන් කර ඇත්තේ ජූලි මස 2 දා උදෑසන 10ට මෙම වෙන්දේසිය සිදුකරන බවය.  

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් එම ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීන්දු කර තිබේ. 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු 108,309,342ක මුදලින් රුපියල් 4,080,000ක පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති බැවින් ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතය.

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments