දලදා දැක්ම අදින් නිමයි.. සනීපාරක්‍ෂක කම්කරුවන්ට විශේෂ දලදා දැක්මක්.. පැය 24න් නුවර සුද්ද කරන්න යයි..

සිරි දළදා වන්දානාව අවසන් වන අද දිනයේ මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද සිදු කරයි.

දළදා දැක්ම නිමාවී පැය 24ක් තුළදී මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහන කීල්න් ශ්‍රී ලංකා, මධ්‍යම පළාත් සභාවල මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ගණනාවක සහභාගීත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වෙයි.

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වැදීමට විශේෂ අවස්ථාවක් පස්වරු 04.00ට පැවැත්වෙයි.

දළදා දැක්ම නිමාවූ පසු මහනුවර රැදී සිටින සියලුම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments