දිවි නසාගත් කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයකට ලක්වූ බව හෙලිවුනා..- පොලිසිය

සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 16 හැවිරිදි සිසුවිය බම්බලපිටිය පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක්ව ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

එම සැකකාර ගුරුවරයා මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත.

මෙම සිසුවිය කොටහේනල ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයේදී අප්‍රේල් 29 වැනිදා එහි 6 වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන තිබිණි.

ඇයගේ පාසලේ ගුරුවරයකුගේ හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියාකලාපය තම දියණියගේ මරණයට බලපෑ බවට මවුපියන් චෝදනා කරන අතර සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 08 වැනිදා කොළඹ ස්ථාන 3කදී උද්ඝෝෂණ ද පැවැත්වින.

අදාල ගුරුවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments