දේශපාලන බලපෑම් දරන්න බෑ කියා සභාපති ඉල්ලා අස්වෙයි…

ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙසත්, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කළ මහාචාර්ය සමන් සේනවීර සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාට යොමුකර තිබේ.

තමන්ට එල්ලවූ දේශපාලන බලපෑම් මත තවදුරටත් කටයුතු කරගෙන යාමට නොහැකි නිසා සභාපති සහ අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ බව මහාචාර්ය සමන් සේනවීර පවසන්නේය.

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන මහාචාර්ය සමන් සේනවීර ඔස්ට්‍රේලියාවේ සේවයේ යෙදී සිටි අතර, නව රජය බලයට පත්වීමෙන් පසු ඔහු ජාතික විද්‍යා පදනමේ සභාපති සහ ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළේය.

Aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments