දේශසීමා ගැටුම් හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයන් 12 දෙනෙකු මරුට

තායිලන්තය හා කාම්බෝජය අතර ඇතිව තිබෙන දේශසීමා ගැටුම් හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තායි බලධාරීන්ට අනුව මියගිය පිරිසෙන් 11 දෙනෙකු සිවිල් වැසියන් වන අතර, එක් අයෙකු හමුදා සෙබළෙක්ය.

වසර 100කට වැඩි කාලයකට සිට දෙරට අතර දේශසීමා ගැටුම් පවතින නමුත් අද (24) අලුයම එය තරමක් උණුසුම් විය.

දෙපාර්ශ්වයම වෙඩි හුවමාරුවක් සිදුකර ඇති අතර, එකිනෙකා ගැටුම උත්සන්න කළ බවට චෝදනා කරගත්හ.

කාම්බෝජය තමන්ට රොකට් ප්‍රහාර එල්ල කළ බවට තායිලන්තයට චෝදනා කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස තායිලන්තයද කාම්බෝජ හමුදා ඉලක්ක ගුවන් ප්‍රහාර එල්ල කළේය.

කෙසේ වෙතත් කාම්බෝජය තවමත් තමන්ට සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා නිල සඳහනක් කර නොමැත.

ලොව ප්‍රධානම බෞද්ධ රාජ්‍යයන් දෙකක් ලෙස තායිලන්තය මෙන්ම කාම්බෝජය සැලකෙන අතර, එම රටවල් ද්විත්වය ‍ථේරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයන් ලෙසින් සැලකේ.

තායිලන්ත ජනගහනයෙන් 97.5%ක් බෞද්ධ වන අතර, කාම්බෝජයේ 97.1%ක් බෞද්ධයන්ය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments