නිවසකින් යුද උපකරණ හා පතොරම් තොගයක් සොයා ගැනේ

වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබී පතොරම් තොගයක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (21) සවස සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ, වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමක දී මෙම යුද උපකරණ තොගය සොයාගත් බවයි.

මෙම පතොරම් තොගය තුළ ටී- 56 වර්ගයේ ගිනිඅවි වෙනුවෙන් යොදාගන්නා පතොරම් 296ක්, එම ගිනිඅවි වෙනුවෙන් පුහුණුවීම් වෙනුවෙන් යොදාගන්නා පතොරම් 124 ක්, M16 වර්ගයේ පතොරම් 19ක්, ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි වෙනුවෙන් යොදාගන්නා පතොරම් 27 ක්, පොලිස් විශේෂ
කාර්ය බළකා නිලධාරීන් භාවිතා කරන නිල ඇඳුම් කොටස් 12ක් ඇතුළු මෙසේ සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරීම වෙනුවෙන් අදාළ පතොරම් රැස්කර තබන්නට ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළා.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments