නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ සහාය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එක්ව සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය නීති විරෝධී ලන්ච්ෂීට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පසුගිය ජුලි 02 වැනිදා සිදු කළ වැටලීමකින් මෙම ලන්ච්ෂීට් තොගය සොයා ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ප්ලාස්ටික් මගින් සමස්ත සමාජයටම සිදුවන ව්‍යසනය පිළිබඳ අවධානය යොමු කර නීති විරෝධී ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම නීති විරෝධී භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාම් කිරීමෙන් වැළකී නීතිමය ගැටලු ඇති වීමේ අවධානමෙන් වළකින ලෙසත්, සමාජ වගකීමක් ලෙස සළකා අදාළ භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසත්, සමස්ත පාරිභෝගික ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි.

Press Release From CEA (2025.07.07)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments