පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වර්ජනයක

සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම අමාත්‍යවරයා විසින් මඟ හරිමින් සිටින බවය.

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ඔහු පැවසීය.

ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments