“පව්කාර මිනිසුන් යුද්ධවලට පැටලිලා බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනස්කන්දයක් විනාශකාරි යුද්ධවලට වැය කරනවා” යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළේය.
රාගම තේවත්තේ ශාන්ත බැසිලිකා සිද්ධස්ථානයේ පැවති කොළඹ අගරදගුරු පදවි වාර්ෂික ළමා දින දිව්‍ය පූජා දේශනය සිදුකරමින් කාදිනල්තුමා ඊයේ (13 දා) ප්‍රකාශ කළේය.
කාදිනල්තුමා මෙසේ ද කීවේය.
ආගමික ධර්මයන් හරියට අදහන්නේ නැති මිනිස්සු ජීවිත තුට්ටු දෙකකටවත් ගණන් නොගෙන යුද්ධයක පැටලී සිටිනවා.
මේ ලෝකයේ ජීවත්වෙන බොහෝ මිනිසුන්ගේ කුසගිනි නිවිය හැකි මහා ධනස්කන්දයක් මේ යුද්ධයට වැය කරනවා.
