පාට කොණ්ඩ, කරාඹු දැමූ සිසුවියන්, නහය විදි සිසුවියන්ට දඬුවම් එපා කියා චක‍්‍රලේකයක් විදුහල්පතිලා ඉල්ලති…

ළමා හිංසනය වැළැක්වීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ඒ අයුරින් සම්මත කරන්නේ නම් පාසලේදී සිසුන්ගේ අවිනීත ක්‍රියා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් නිකුත් කළ යුතු යැයි විදුහල්පති ශ්‍රේණිධාරින්ගේ සංගමය පවසයි.

මෙම පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසුව පාසල් දරුවන්ගෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අපහසුවට ලක්වන පරිසරයක් නිර්මාණය වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ ගැනත් අවධානය යොමුකළ යුතු යැයි සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මාධ්‍ය හමුවකදී (සැප්. 29) පැවසීය.

ඒ අනුව, විවිධ වර්ණවලින් සැරසූ කොණ්ඩයකින් පැමිණෙන සිසු සිසුවියන්, කරාබු පැළඳ එන සිසුන්, නහය විද එන සිසුවියන් ගැන අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් ගුරු විදුහල්පතිවරුන්ට දැනුම් දිය යුතු යැයි ප්‍රධාන ලේකම්වරයා කීය.

පාසලේ සම්මත විනය නීති මාලාව යනු පාසලේ උප සංස්කෘතියක් යැයි කී හෙතෙම එකී සියලු සම්මතයන් බිඳී පාසල් දරුවන්ට අසීමිත නිදහසක් ලැබෙන තත්ත්වයක් මෙමගින් බිහිවනු ඇතැයි අවධාරණය කළේ ය.

මෙම පනත ක්‍රියාත්මකවීමේදී අවසානයේ සිදුවන්නේ ආණ්ඩුව අපේක්ෂා නොකළ දේවල් යැයි ද එහි අවසානය මව්පිය ගුරුවරුන් නොතකන විපරීත සමාජයක් යැයි ද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

බිගුන් මේනක ගමගේ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments