පාසල් දරුවන් සමග වෑන් රථයක් නුවරඑළියේ පල්ලමකට පෙරලේ..

පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක් සහ රියදුරා ඇතුලු කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (06) දින පස්වරුවේ ඇතුලත් කල බව රාගල පොලිසිය පැවසීය.

(06) දින පස්වරු මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ රාගල බෘක්සයිඩ් වත්ත ප්‍රදේශයේදීය.

අධික වේගයෙන් ධාවනය කර ඇති වෑන් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෑන් රථය රියදුරුගේ පාලනයෙන් මිදි පෙරලී වෑන් රථය ගසක රැදි නතර වී ඇත.

වෑන් රථය අනතුරටය පත් වන අවස්ථාවේ පාසල් ළමුන් 06 දෙනෙකු සහ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවෙකුගේ මවක්ද සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරට පත් වෑන් රථයේ සිටි තුවාල කරුවන් සහ සෙසු පාසල් සිසුන් ප්‍රදේශවාසීන් එක්ව ඉවතට ගෙන ඇත.

අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිළීබද පරික්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments