පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

“2023 අංක 3 දරණ වියදම් නියාමන පනත යටතේ, ආදායම් වියදම් වාර්තා භාරදිය යුතු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මුළු සංඛ්‍යාව 78,725 දෙනෙකුගෙන් 76,292 තම තමාට අදාළ වියදම් වාර්තා තේරීම්භාර නිලධාරීන් වෙත භාරදීලා තියෙනවා. 2,433ක් අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වාර්තා නියමිත දිනට භාරදීලා තිබුණේ නෑ. ඒ අනුව අපි තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් දුන්නා 2,433ගේ අදාළ විස්තර ඒ ඒ දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන වෙත භාරදෙන්න කියලා. ඉන් අනතුරුව ඔවුන් නීතිපති උපදෙස් විමසීමෙන් අනතුරුව ඒ අයට නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතයි.”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments