පුනරුදයේ පුරවරය පළාත් පාලන සතිය අද සිට

පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භ වේ.

ඒ අනුව අද සිට එළැඹෙන 21 වනදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම සතිය තුළින් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන සහ ජීවත් වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුරවරයක් බිහි කිරීම අරමුණ වන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතා.

“පුනරුදයේ පුරවර කියන ප්‍රධාන තේමාව අරගෙන අපි පළාත් පාලන සතිය ආරම්භ කරනවා. විශේෂයෙන් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහි කිරීම උදෙසා රාජ්‍ය පරිපාල සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙයවන අඛණ්ඩ වැඩසටහනක් සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු පළාත් පාලන ආයතන වෙත අපි හඳුන්වා දී තිබෙනවා.”

aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments