පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

හින්දු සංස්කෘතියේ විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දැක් වීමට (27) දින උදැසන අඩි 60ක් උස කණුවකට නැගි එම නාට්‍ය යේ ප්‍රධාන භූමිකාව රග දැක්වූ තිදරු පියෙකු එම කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතුයායේ පදිංචිව සිටි මුරුගන් සන්මුගම් නැමති (63) හැවිරිදි තිදරු පියෙකි.

සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දක්වන බවත්, 2025 වසරෙත් එම වතුයායේ සියලු වතු කම්කරුවන් එක්ව (26) දින රාත්‍රියේ සිට අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රදවා පහන් වන තුරු නාට්‍ය විදහා දක්වා විශේෂ පූජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව හිරු උදා වීමට ප්‍රථම එම නාට්‍ය විදහා දක්වන ප්‍රධාන ශිල්පියා අඩි 60 ක් උස කණුවට නැග කණුව මුදුනේ රදවා ඇති මල් පහලින් සිටින එම උත්සවයට සහභාගි වූ පිරිසට ලබා ගැනීම සදහා මල් ඉසිනු ලබයි.

එසේ කණුව මුදුනට නැග මල් ඉසිමට කණුව මුදුනටම නැගි පුද්ගලයා ගසේ මුදුනේ සිට මල් ඉසින අවස්ථාවේ පය ලිස්සා පහළට වැටී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික්ක මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිස් ස්ථානයේ නිළධාරියෙකු පැවසුවේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments