බණ්ඩාරවෙල කදුවැටියක මහ ගින්නක්.. නිවන්න හමුදාව යොදයි..

ඊයේ පස්වරු සිට බණ්ඩාරවෙල දෝව රජ මහා විහාරස්ථානයට ඉහළ කදු වැටියේ ගින්නක් පැතිර යමින් ඇත.

එය පාලනය කිරීම සඳහා යුද හමුදාව කැදවීමට කටයුතු කර තිබේ.

කිසිවෙකු තැබූ ගින්නක් නිසා මෙම ගින්න හටගන්නට ඇතැයි සැක කෙරේ.

සුළං හේතුවෙන් ගින්න කඳු මුදුන දෙසට වේගයෙන් පැතිර යයි.

ඇල්ල පොලිසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න නිවා දමා ඇත.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැත. ඇල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments