බලශක්ති ඇමැති කොළඹ මහාධිකරණයේ

නඩු කටයුත්තක් වෙනුවෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (27) උදෑසන කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

2015 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී, පෞද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි. 

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments