බස් රියදුරන් නිරීක්ෂණයට AI තාක්ෂණය

ශ්‍රී ලංකාවේ බස් රථ රියදුරන් නිරීක්ෂණය කිරීමට සහ පොදු ප්‍රවාහනයේ ආසන තීරු (Seat Belts) භාවිතය අනිවාර්ය කිරීමට සිදු කිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගැනීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සාමාන්‍යයෙන් 3,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව වාර්තා වේ. මේ හේතුවෙන්, ලබන වසරේ (2026) ජනවාරි මාසයේ සිට බස් රථවල රියදුරු නිරීක්ෂණ පද්ධති සවි කිරීමට පියවර ගැනේ.

ඒ අතරම, ලබන ජුනි මාසයේ සිට පොදු ප්‍රවාහනයේ ආසන තීරු භාවිතය අනිවාර්ය කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

මෙම වෙනස්කම් හරහා උසස් රියදුරු සංස්කෘතියක් ගොඩනැගීමත්, ආරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීමත් අරමුණු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, පසුගිය ඉරිදා (11) කොත්මලේ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය. මූලික විමර්ශනවලදී රියදුරු වරදක් හඳුනාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පියවර හරහා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමටත්, අනතුරු අවම කිරීමටත් රජය දැඩි අවධානයක් යොමු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments