බිමල්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ…

අමාත්‍ය බිමල් රත්නායකගේ මාධ්‍ය ලේකම්වරයා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එම ධුරයේ කටයුතු කරන ලද්දේ සුරංග ලක්මාල් සෙනෙවිරත්න මහතායි.

මීට දින පහකට පමණ පෙර සුරංග ලක්මාල් සෙනවිරත්න ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර ඒ වනවිට බිමල් රත්නායක අමාත්‍යවරයා කටයුතු කළේ ප්‍රවාහන ,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයේයි.

නමුත් (10) කැබිනට් සංශෝධනයත් සමඟම බිමල් රත්නායක මහතාට හිමිවී තිබෙන්නේ ප්‍රවාහන ,මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයයි.

මීට පෙරද බිමල් රත්නායක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයකම ප්‍රධානීන් ඉල්ලා අස්වු බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments