මන්ත‍්‍රී පෙන්ෂන් අහෝසි කලොත් කපාගත් වැටුප ඉල්ලා නඩු දානවා..- ජවිපෙ හිටපු මන්ත‍්‍රී

ආණ්ඩුව මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ජනතා විමුක්ති පෙරමුණ වසර ගණනාවක් තිස්සේ අනීතිකව බලහත්කාරයෙන් ගත් මන්ත්‍රි වැටුප ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රිවරු නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයකුව සිට විශ්‍රාම ගිය තිහකට ආසන්න පිරිසක් මේ වන විට සිටිති.

ජනතා විමුක්ති පෙරමුණ එක් විශ්‍රාමික මන්ත්‍රිවරයෙක් සඳහා කෝටි තුනකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බවද ඔහු අවධාරණය කරයි. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කළහොත් අසාධාරණයට ලක්වන විශ්‍රාමික මන්ත්‍රිවරුන් අතර රාජ්‍ය සේවයෙන් ඉවත් වී දේශපාලනයට ආ පනහකට ආසන්න පිරිසක් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ගැටලුවට ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබුණහොත් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බවද හිටපු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ වැඩිදුරටත් පැවසීය.

නිරෝෂා වාසල
Aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments