මහින්දානන්ද දඬුවමට එරෙහිව ඇපීල් කරයි.. ඇප ඉල්ලයි..

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍යයෙක් මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුගේ නීතිඥයන් විසින් අදාල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

ඔහුට ලැබුණු ත‍්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවට එරෙහිව එක් වරක් පමණක් අභියාචනා කිරීමේ අවස්ථාව ඇති අතර එය නඩු තීන්දුව ලැබී දින 28ක් ඇතුළත සිදු කළ යුතු වෙයි.

අදාල අභියාචනය මත ඇප ඉල්ලා සිටීමටද හැකියාව ඔවුන්ට ලැබෙන අතර අභියාචනාව පිළිගැනීම නොපිළිගැනීම හෝ ඇප ලබාදීම නොදීම අධිකරණය විසින් තීරණය කෙරෙනු ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments