මාලිමාවේ අලුත් මන්ත්‍රීවරු ඊළඟ අවුරුදු 4රේ ලොවෙත් නැතිවෙන්න වැඩ කරනවා

ප්‍රාදේශීය සභා 226 ක බලය අල්ලා සිටි පොදුජන පෙරමුණ වැනි පක්ෂයක් දැන් අන්තිම පහළට වැටී ඇති බවත්, සජබය සෝදාගෙන ගොස් ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

තම පක්ෂයෙන් ඉදිරිපත් කළේ ඉතාමත් නවක මන්ත්‍රීවරුන් බව සෑබෑ නමුත්, මේ ලැබුණු අවුරුදු හතර තුළ ‘ලොවෙත් නැති විදියට’ ඔවුන් වැඩ කටයුතු කරන බවත්, ජාතික ජන බලවේගයට ලැබුණු පළාත් පාලන ආයතන කරගෙන යන විට, සෙසු පක්ෂවලට ලැබී ඇති දෙය පවා ඉදිරියේදී නැතිවී යනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
කොළඹ නගර සභාව තුළ එජාපය හා සජබය පරදින බව ඔවුන් දැන සිටි බව ද, පෙර වාරයේදී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පවා ඉල්ලා අස්වී තරග කිරීමට පැමිණි නමුත්, මෙවර සජබ අපේක්ෂකයා ඔවුන් පවා නොදන්නා බවද ඇමතිවරයා කියා සිටියේය..

මෙවර ඉතිහාසයේ පළමු වතාවට එජාප හෝ සජබය විසින් කිසිදු මහ නගර සභාවක් ජයග්‍රහණය කර නොමැති බවත්, රාප්පක්ෂ බලකොටු වූ තංගල්ල හා වීරකැටිය පවා ඔවුන්ට අහිමි වී ඇති බවත්, ඔවුන් දේශපාලනිකව අවසන් වන බව අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් පවසා සිටියි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments