මුහුණු පොත හරහා හාද වී කොල්ලකන කල්ලියක්

‘මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ‘වට්ස්ඇප්’  සහ ‘මැසෙන්ජර්’  හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ගනිමින්, එම පිරිමි පුද්ගලයන් මිහින්තලය ප්‍රදේශයට කැඳවා, කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැද, පහරදී එම පුද්ගලයන්ගේ යතුරු පැදි, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක කාන්තාවක්, පිරිමි පුද්ගලයන් තුනක් ඇතුළු සිව් දෙනෙකු කොල්ල කන ලද යතුරු පැදි 2ක්, ජංගම දුරකථන 4ක්  ඇතුළු දේපළ සමග අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් , අනුරාධපුර අශෝකපුර  විජයපුර සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21, 27 සහ 32 හැවිරිදි  පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකි.

පෙම්වතිය තමන්ට මිහින්තලය නගරයට පැමිනෙණ  ලෙස පවසා දුරකථන ඇමතුමක්  ලබාදී එලෙස පැමිණි පසු, පිරිමි පුද්ගලයන් සමග එක්ව තමන්ට පහරදී ගස් බැඳ  යතුරුපැදිය සහ මුදල්, ජංගම දුරකථන බැංකු කාඩ් පත්  කොල්ලකෑ බවට මිනුවන්ගොඩ  සහ අවුකන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සිද්ධීන් වලට මුහුණ පා ඇත්තේ උසස්ව රැකියාවල නියුතු වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන් බවද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී පුද්ගලයන්ගෙන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න යතුරු පැදි දෙකක් ජංගම දුරකථන හතරක්, බැංකු කාඩ්පත් ජංගම දුරකථන  ආරෝපණ බැටරි ඇතුළු දේපල සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය. 

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටින බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කලේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments