රටවල් 12ක පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්

රටවල් 12ක පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ධවල මන්දිරයට අනුව, ජාතික ආරක්ෂක අවදානම් උපුටා දක්වමින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

ඒම තහනම ලබන 9 දා සිට ක්‍රියාත්මක වෙයි. තහනමට යටත් වන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

මේ අතර තවත් රටවල් හතක ජාතිකයන් වෙනුවෙන් අර්ධ තහනමක්ද පැනවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ. එම රටවල් වන්නේ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments