රිලා සංඝණනයක් යලිත්…

කෘෂි බෝග වලට හානි කරන රිළවා,වඳුරා,මොනරා සහ දඬු ලේනා යන වන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයින පුරා ග්‍රාමීය,නාගරික ප්‍රදේශ හා වගා බිම් ආශ්‍රිතව සිදු කරන ලද සංගණනයේදී රිළවුන් ගහණය අධික ලෙස සටහන් කර තිබීම නිසා,දත්ත සැක සහිත ප්‍රදේශ වල නැවත සංගණන කටයුතු සිදු කරන බව අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

කෘෂි බෝග වලට හානි කරන වන සතුන් සම්බන්ධ සංගණනය ඉකුත් මාර්තු මස 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් දිවයින පුරා සිදු කෙරුණි.

මෙම සංගණනයේ දත්ත අනුව,මෙරට ග්‍රාමීය,නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව රිළවුන් පමණක් ලක්ෂ 88 ක් පමණ සිටින බවට අනාවරණය වී ඇත.

ඇතැම් ප්‍රදේශවල ගොවී නියමිත රිළා රංචුවට වඩා වැඩි පිරිසක් සටහන්කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

මෙම තත්ත්වය නිසා දත්ත නිරවද්‍යතාවයෙන් තොර ප්‍රදේශවල නැවත සංගණන කටයුතු සිදු කිරීමට සිදුවීම නිසා සංගණන වාර්තාව එළි දැක්වීම ප්‍රමාද වන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments