රුහුණු සරසවිය යුද පිටියක් වෙයි.. සිසුන් හයක් රෝහලේ.. විස්සක් කූඩුවේ…

රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන හා තෙවන වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, තවත් විසි දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි බලධාරීහු පවසති.

මෙම සිදුවීම සඳුදා දින විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී ඇත. තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

ගැටුමට හේතුව වී ඇත්තේ ඊයේ දිනයේදී මෙම සිසු කණ්ඩායම් දෙක අතර ඇති වූ වචන හුවමාරුවක් බව පොලීසිය තහවුරු කරයි.

තවදුරටත් ගැටුම් ඇතිවීම වැළැක්වීමේ පූර්වෝපායක් ලෙස, විශ්වවිද්‍යාල පරිපාලනය විසින් දෙවන හා තෙවන වසරේ සියලුම සිසුන්ට වහාම පීඨ පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට නියෝග කර ඇත.

ගැටුමට තුඩු දුන් සම්පූර්ණ තත්ත්වය සහ ඊට වගකිව යුත්තන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

ඇතිව තිබෙන තත්වය මත එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන සහ තෙවන වසරවල සිසුන්ට එම පීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

මෙම සිසුන්ට වහාම නේවාසිකාගාරවලින් පිටව යන ලෙසට ද දන්වා තිබේ.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments