ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර නගරය ඉවත් වීමේ අවධානමක් මතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

කෘෂිකර්ම වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාගාරයේදී රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව වැඩිදුරටත් අනාවරණය වූයේ නගරයේ ඉපැරණි ගොඩනැගිලි වල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථානවල නාම පුවරු සහ ප්ලාස්ටික් ආවරණ යොදා ගනිමින් සිදුකොට ඇති ගොඩනැගිලි අලංකරණ හේතුවෙන් නගරයේ ඉපැරණි පෙනුම වෙනස්වීම හේතුවෙන් ලෝක උරුම ලැයිස්තුවෙන් මහනුවර නගරය එසේ ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙන බවයි.

මෙම තත්ත්වයෙන් නගරය මුදවා ගැනීම සඳහා රජයේ ගොඩනැගිලි රජයේ වියදමෙන්ද පෞද්ගලික ගොඩනැගිලි එම ගොඩනැගිලි හිමිකරුවන්ගේ වියදමෙන් ද නැවතත් ඉපැරණි පෙනුම ලැබෙන ආකාරයට සකසාගත යුතු බවයි.

දළදා වීදියේ දැනට ඇති විදුලි පහන් කණු වෙනුවට පැරණි පෙනුම ගෙන දෙන ආකාරයට විදුලි පහන් කණු නවීකරණය කිරීමටද එහිදී යෝජනා විය.

නගරයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියට අනුව සිටුවා ඇති ගස් ගොඩනැගිලි වලට හානි සිදු නොවන ආකාරයට මුල් ඇදීම වැළැක්වීම සඳහා එම ගස් වටා පොළොව අභ්‍යන්තරයට සිලින්ඩර බස්සවා ආවරණය කිරීමටද යෝජනා වූ අතර එම ගස්වල අතුරිකිලි නිරන්තරයෙන් නඩත්තු කිරීමටද දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී යෝජනා විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments