ලෝකේ ලොකුම වැටුප එලොන් මස්ක්ට – ඩොලර් ට්‍රිලියනයක්

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) එලොන් මස්ක්ට හිමිවන, ඉතිහාසයේ වාර්තාගත ඩොලර් ට්‍රිලියනයක් දක්වා වටිනාකමක් සහිත දැවැන්ත වැටුප් පැකේජය වෙනුවෙන් ටෙස්ලා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාවේ ඔස්ටින්හි පිහිටි ටෙස්ලා කම්හලේ පැවති කොටස් හිමියන්ගේ රැස්වීමේදී ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන විට “එලොන් ” යනුවෙන් සතුටු ඝෝෂා පැතිර ගිය බවයි.

එසේම මෙම වැටුප් පැකේජය මස්ක් අවම ලෙස තවත් අවුරුදු හතහමාරක් ටෙස්ලා සමාගමේ රැඳී සිටීම සහතික කිරීම අරමුණු කරයි.

තවද සමාගම තුළ මස්ක්ගේ හිමිකාරිත්වය 12% සිට 25% ඉක්මවා වර්ධනය වීමට ඉඩ සලසයි.

ස්වයංක්‍රීය රිය පැදවීම (Autonomous Driving) සහ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ දැක්ම යථාර්ථයක් බවට පත් වුවහොත්, ටෙස්ලා “ලෝකයේ වඩාත්ම වටිනා සමාගම” බවට පත්වන බව මස්ක් පවසයි.

එසේ වුවත් ඔහුගේ බලපෑමට ප්‍රමාණවත් තරම් කොටස් හිමිකමක් නොලැබුණහොත් තමන් ටෙස්ලා වෙතින් ඉවත්විය හැකි බවට ඔහු ඉඟි පළ කර තිබූ බව ද වාර්තා වේ.

මේ අතර ටෙස්ලා සභාපති රොබින් ඩෙන්හෝම් (Robin Denholm) කොටස් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මස්ක් රඳවා ගැනීම ටෙස්ලා හි අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය බවයි.

එහෙත් ඉකුත් කාර්තු කිහිපය තුළ සමාගමේ වාහන අලෙවිය පහත වැටීම පෙන්වා දෙමින් “තක්ඩවුන්” (Tesla Takedown) නම් ක්‍රියාකාරී කණ්ඩායමක් මෙම ඡන්ද ප්‍රතිඵලය දැඩිව විවේචනය කර තිබෙනවා. ඔවුන් කියා සිටියේ මෙය “අසාර්ථකත්වය වෙනුවෙන් එලොන් මස්ක්ට ඩොලර් ට්‍රිලියනයක්” ලබා දීමක් ලෙසයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments