වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments