වියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩු

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.

එම වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන එම අපේක්ෂකයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 76992 ක් සිය ආදායම් වියදම් වාර්තා භාරදී ඇති බවත් ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරිපත් කෙරුණු ආදායම් වියදම් වාර්තාවල තොරතුරු සම්බන්ධයෙන් යම් විරෝධයක් හෝ කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(සුජිත් හේවාජුලිගේ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments