විවිධ කාරණා මත මාලිමාවෙන් ජනතාව ඈත් වෙනවා.. වෙන පිරිසක් ලංවෙනවා..

දැනට පවතින රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසා ජනතා ආකර්ෂණය යම් ප්‍රමාණයකට අඩුවෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී ඇමතිවරයා අවධාරණය කළේ, මීට පෙර ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබා දුන් පුද්ගලයන් මේ වන විට එම පක්ෂයෙන් ක්‍රමයෙන් දුරස් වෙමින් සිටින බවයි.

කෙසේ වෙතත්, විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ලෙස ඔහු ප්‍රකාශ කළේ, මාලිමාවට ඡන්දය නොදුන් පිරිස දැන් රජයේ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව විශාල තෘප්තියකට පත්ව ඇති බවයි.

මාලිමාවට ඡන්දය දුන් අය ඈත් වුවද, රජය කෙරෙහි විශ්වාසය තැබූ අලුත් පිරිසක් බිහි වෙමින් සිටින බව ඔහුගේ අදහස විය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments