සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට

‍සිය කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට සිය දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.

පසුගිය ඉරිදා පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

එහිදී අදාළ පුද්ගලයා විසින් එම මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාවට ඇතුළු වී පාරිභෝගිකයින් වෙත කෙටි පණිවුඩ යොමුකර ඇති බව වාර්තා වේ.

කෙටි පණිවුඩ 10,000ක් පමණ එලෙස අදාළ පුද්ගලයා විසින් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත යවා ඇති බව සඳහන්ය.

සිය දත්ත ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් බැරකරන ලෙස එම කෙටි පණිවුඩය මඟින් පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කෙටි පණිවුඩ සේවාව යථා තත්ත්වයට පත්කර එම සියලු පාරිභෝගිකයින්ට ව්‍යාජ කෙටි පණිවුඩය පිළිබඳව දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට හේතු වී ඇති බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments