සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සැකකාර ගුරුවරයා මේ වනවිට ඇප මත මුදා හැර ඇති බවත්, ඔහුගේ විදෙස් ගමන් තහනමකට ලක් කර ඇති බවයි.

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ඩිල්ෂි අම්ෂිකා නමැති 16 හැවිරිදි සිසුවියක් එහි 6 වැනි මහළෙන් පැන දිවිනසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වැනිදාය.

අනතුරුව එම සිසුවියගේ මව්පියන් මැයි 4වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාසලේ ගුරුවරයකුගේ ක්‍රියාකලාපය හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියාකලාපය ඇගේ මරණයට බලපෑ බවට චෝදනා කර සිටියේය.

ඒ අනුව සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 8වනදා කොළඹ ස්ථාන තුනකදී උද්ඝෝෂන පැවැත්විණි.

කොටහේන මහල් නිවාස සංකීර්ණය අසළ, බම්බලපිටියේ ඇගේ පාසල අසළ සහ පෞද්ගලික උපකාරක පන්තියක් අසළ එලෙස එම අද්ඝෝෂන පැවැත්විණි.

මෙම පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්විය.

මේ අතර ජීවිතක්ෂයට පත්දැරිය සම්බන්ධව චෝදනා එල්ල වූ පෞද්ගලික උපකාරක පන්ති හිමිකරු ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මීට අදාළ නඩුව මැයි 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments