සිසුනට දඬුවම් තහනම් කිරීමේ මාර්ගෝපදේශ පාසැල්වලට යවන්න ඉසුරුපාය සූදානම්…

ශරීර දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජිත දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, පාසල් තුළ විනය පවත්වාගෙන යාම පිළිබඳ දැනට පවතින රෙගුලාසිවලට අවශ්‍ය වෙනස්කම් සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ළමයින්ට ශරීර දඬුවම් දීම නීති විරෝධී කිරීම සඳහා වන නීතිමය විධිවිධාන හඳුන්වා දීමට අපේක්ෂා කරන මෙම පනත් කෙටුම්පත දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත.

පනත් කෙටුම්පත නීතියක් බවට පත් වූ පසු මතුවිය හැකි ගැටලු මත පදනම්ව නව රෙගුලාසි නිකුත් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති නමුත් එවැනි පියවරක් ගනු ලබන්නේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් පමණකි.

“මෙම පනත් කෙටුම්පත තවම සම්මත වී නැහැ. කුමක් සිදුවේදැයි අප දන්නේ නැහැ. නමුත්, යම් ආකාරයකින් පනත් කෙටුම්පත සම්මත වුවහොත්, එයින් පැන නගින ගැටලු මත පදනම්ව විනය පවත්වාගෙන යාම පිළිබඳ නව රෙගුලාසි නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි එසේ කරන බවට දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. පනත් කෙටුම්පත සම්මත නොවන්නේ නම්, නව රෙගුලාසි නිකුත් කිරීමට අවශ්‍ය නැහැ. දැනට පවතින ඒවා ප්‍රමාණවත්,” අමාත්‍යංශ ප‍්‍රකාශකයා පැවසීය.

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments