සුහුරු කානු පද්ධතියෙන් ලොවක් ඉදිරියේ ලංකාවේ නම බැබලවූ ආචාර්ය නදීශා දිවයිනට

ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු  කාණුව නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් ” 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

වැසි දින වල නගර ආශ්‍රිතව කාණු පද්ධති, ප්ලාස්ටික් සහ පොලිතීන් සිර වීම නිසා නිතර ජල ගැලීම් ඇති ඇතිවන අතර මීට විසඳුමක් ලෙස ඇය විසින් මෙම ස්මාර්ට් කානු පද්ධතිය නිර්මාණය කර තිබුණි. 

මෙම ස්මාර්ට් තට්ටු දෙකේ  කාණුව මගින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත් කරන අතර දෙවන තට්ටුව මගින් වැසි වතුර නිදහසේ ගලා ගෙන යාමට අවස්ථාව සළසා දෙනු ලබයි.

එමගින් මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාලනයට මහත් සේවාවක් ලොව පුරා ඉටු කරනු ඇත.

මෙම සම්මාන උළෙල ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර මේ සදහා ලෝකයේ රටවල් 95 ක නවෝත්පාදන නිර්මාණ 780 ක් ඉදිරිපත් කර තිබුණි.

දිවයිනට පැමිණි ආචාර්ය නදීශා චන්ද්‍රෙස්න මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මෙම කාණුව මගින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය,

“එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් 2025 වසරේ නම් කරන ලද ලෝක බුදධිමය දේපොළ ගොලීය සම්මානය මගේ කණ්ඩායමට හිමි වුණා. එහිදී සම්මානයට පාත්‍ර වුණේ අප කණ්ඩායම විසින් නවෝත්පාදනය කරන ලද සුහුරු කාණුව. සුහුරු කාණුව කියන්නේ නගර ආශ්‍රිතව තියෙන විවෘත කාණු නිතර ජල ගැලීම් වලට ලක්වෙනවා තදබදයට ලක්වෙනවා ප්ලාස්ටික සහ පොලිතින් හිර වෙලා. මේ සුහුරු කාණුවෙන් කරන්නේ ඒ හිර වෙල පොලිතින් සහ ප්ලාස්ටික් පෙරලා අරගෙන වැස්ස වහිනකොට වැහි වතුර දෙවැනි තට්ටුවෙන් ගලාගෙන යන එක. මේක ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්.”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments