හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය නාථ දේවාලයේ

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව මෙම ජාතික උත්සවය මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් නියමිත සුබ නැකතට අනුව පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) මහනුවර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී ආරාධනා පත්‍ර සැකසීම හා බෙදාහැරීම, නානු සැකසීම, පුවත්පත් අතිරේකය සකස් කිරීම, සජීවී ප්‍රචාරණ කටයුතු, ආරක්ෂක කටයුතු, සනීපාරක්ෂක කටයුතු, අවුරුදු ලිත සැකසීම, පරිශ්‍රයේ කටයුතු, ජල සම්පාදන කටයුතු, විදුලිය, හස්තීන් සම්බන්ධීකරණය කිරීම, ගිලන් රථ අවශ්‍යතාවය, ප්‍රථමාධාර කටයුතු, ගිලන්පස, උදෑසන දානය සහ සංග්‍රහ කටයුතු, පෙරහැර පැවැත්වීම ඇතුළු පූර්ව සංවිධාන කටයුතු රැසක් පිළිබඳව සාකච්ඡා සිදු කරන ලදි.

සෞබ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේ හිසතෙල්ගෑමේ රාජ්‍ය උත්සවය කිසිදු අඩුපාඩුවකින් තොරව උත්සවයට නිසි ගෞරවය හා වටිනාකම ලැබෙන පරිදි පැවැත්වීමට අවශ්‍ය පූර්ව සංවිධාන කටයුතු සිදු කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවයි.

මෙම වැදගත් වු සංස්කෘතික මහෝත්සවය සඳහා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සහ සාමාන්‍ය ජනතාව සැළකිය යුතු පිරිසක් සහභාගී වනු ඇති බව ද පැවසීය.

සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයට ගොස් පරිශ්‍ර පරික්ෂාවක් ද සිදු කරන ලදී.

1
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments