25.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

KDU අවුල ඇතිවුනේ පසුගිය රජය නිසයි..- හරිනි

පනත අනුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කළ නොහැකි බවත්, පසුගිය රජයන් ගත් අත්තනෝමතික තීන්දු නිසා මෙම අර්බුදය මතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත් කළ යුතු බවද අග්‍රාමාත්‍යවර්ය මෙහිදී සඳහන් කර සිටියාය.

“කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින විශ්ව විද්‍යාලයක්. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ Z අගය හරහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ළමයින් බඳවා ගැනීමක් සිදු වෙන්නේ නෑ. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි තිබෙනවා ක්‍රමවේදයක්. ඒ හරහා තමයි ළමයින් බඳවා ගන්නේ. එක් අවස්ථාවක 2019දී Z අගය තුළින් ඇති වූ සුවිශේෂ තත්ත්වයක් නිසා වෛද්‍ය පීඨයට වැඩිපුර ශිෂ්‍යයන් 100ක් ඇතුළත් කළා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ Z අගය හරහා. ඒ ශිෂ්‍යයන්ට මුදල් භාණ්ඩාගාරයෙන් වියදම් කළා.

දැනට පවතින පනත අනුව කොතලාවල විශ්ව විද්‍යාලයට සිවිල් ශිෂ්‍යයන් ඇතුළත් කිරීමට හැකියාවක් නෑ. ඒකේ යම් සංශෝධනයක් අවශ්‍ය වෙනවා. ඒ පනත හරියට ක්‍රියාත්මක කරනවා නම් බරපතළ අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා සමාජයේ තුළත්. මේවා පසුගිය ආණ්ඩු ඉතාමත් අත්තනෝමතික විදියට හිතෙන හිතෙන වෙලාවට දේවල් කරන නිසා ඇති කරලා තියෙන අර්බුද. මේ අර්බුද අපිට එකින් එක විසඳන්න වෙලා තියෙනවා. කොතලාවල විශ්ව විද්‍යාලයේ අරමුණ බැලුවොත් මිලිටරි කැඩෙස්ලා පුහුණු කිරීමේ අරමුණත් එක්ක තමයි සර් ජෝන් කොතලාවල ඉඩමත් ප්‍රදානය කරලා තියෙන්නේ. නමුත් අද වන විට විවිධ හේතු නිසා ඒ කෙඩෙට් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවෙලා තියෙනවා. අපි යෝජනා කරනවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත් කළ යුතුයි”

C news

Related posts

SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…

IndusaraMedia

අලුත් එයාර් බස් එකට මාසෙකට ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවන්න ඕනලු

IndusaraMedia

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටා චොන්සිරිට

IndusaraMedia

සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

IndusaraMedia

උතුරුමැද පලාත් සභා වාහන වෙන්දේසියෙන් කෝටි දොලහමාරක් හෙවුවා..- ආණ්ඩුකාර

IndusaraMedia

ස්ටාලින් වර්ජනයකට සූදානම් වෙයි

IndusaraMedia

Leave a Comment