hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Political News

  • ඩබල් කැබ් ගණුදෙනුවෙන් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක්…

    ඩබල් කැබ් ගණුදෙනුවෙන් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක්…

    ඩබල් කැබ් රථ ගණුදෙනු සම්බන්ධයෙන් ලබාදී ඇති බදු සහන, මෙරට සිදුවූ “සීනි බදු වංචාව”ට වඩා කිසිවක් නොවන විශාල බදු අහිමිවීමකට හේතු වී ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් ඇමතිවරයා ලෙස තම පක්ෂ කාඩරයට ඩබල් කැබ් මිලදී ගැනීමේදී ලබාදුන් බදු මාර්ගික පහසුකම් මගින්, එම සීනි බදු ගැටළුවට සාපේක්ෂව හත් අට ගුණයක බදු අහිමිවීමක් රටේ සිදුවූ බවත් ඔහු පෙන්වයි.

    ඩබල් කැබ්වලට සමාන පහසුකම් සහිත මෝටර් රථවලට 200%ක බදු පනවා ඩබල් කැබ් ඉන් නිදහස් කිරීමෙන් විශාල බදු ආදායමක් රටට අහිමි වන බවත් පැවසූ ඔහු සීනි බදු වංචාවට වංචාවට එරෙහිව අධිකරණයට දිව ගිය පිරිසම එය කිරීම කනගාටුවට කරුණක් බවත් පැවසුවේය.

    ඒ සමඟම, ජනතාවට අදාල අත්‍යවශ්‍ය භාන්ඩවලට — හාල් කිලෝවකට රු.65, ලූනු කිලෝවකට රු.40, ඩීසල් සඳහා රු.100, පෙට්‍රල් සඳහා රු.120 — බදු බර පැනවීමත්, තමාගේ පක්ෂ කටයුතු නඩත්තු කර ගැනීම සඳහා ඩබල් කැබ් වෙත බදු අඩුකිරීම් ලබාදීමත් අතර ඇති වෙනස විරෝධාභාසය ඔහු අවධාරණය කළේය.

    ඒ අනුව, එක් ඩබල් කැබ් රථයට ලක්ෂ 400ක් පමණ බදු සහනයක් ලැබෙන අතර, එවැනි සහනයක් නොලഭුණහොත් එම රථයේ වියදම ලක්ෂ 700කට අධික වන බවද එක්කර සඳහන් කළහ. රාජ්‍ය සේවකයන්ට කිහිපයක් ලබා දුන් පසු ඉතිරි රථ පක්ෂ කාඩරයට බෙදා දී ඇති හැකියාවද රණවක මහතා අවධාරණය කළේය.

    මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශකළේය.

  • දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම් ලිපි

    දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම් ලිපි

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක සිට පුරප්පාඩුව තිබූ දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා විවෘත තරග පරීක්ෂණය හරහා සුදුසුකම් ලබාගත් පුද්ගලයන්ට පත්වීම් ලිපි ප්‍රදානය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මෙම අවස්ථාවේදී, දුම්රිය දෙපාර්තමේන්තුවේ හිස්ව තිබූ රියදුරු තනතුර සඳහා නව රියදුරන් 85 දෙනෙකුටද, නියාමක තනතුර සඳහා පුහුණුකරු 06 දෙනෙකුටද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිල පත්වීම් ලිපි බාරදෙන්නට යෙදියි.
    මේ සම්න්ධව අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, සාම්ප්‍රදායික සහතිකයන්ට සීමා වූ අධ්‍යාපනයෙන් රටට හෝ ජනතාවට සැබෑ වාසි නොලැබෙන බවය.

    තවද වර්තමානයේ දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිවී ඇති අතර, එක් දුම්රියක්වත් අවලංගු වීම සමාජය පමණක් නොව පුද්ගලික මට්ටමින්ද ජනතාවට බරපතල බලපෑමක් ඇති කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

    “වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් සිදුවෙන්නේ. මේ හේතූන් නිසාම දුම්රිය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ජනතාව තුළ ගොඩනැගිලා තිබෙන්නේ. දුම්රිය බාර ඇමති විදියට මටත් එවැනිම අපැහැදිළි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ ගොඩනැගිලා ඇත්තේ. සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටට, ජනතාවට ප්‍රයෝජනයක්  නැහැ. අපේ නම්බුනාම හෝ වැටුපෙන් ඔවුන්ට වැඩක් නැහැ. ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වී, ක්ෂණිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විමයි ජනතාවට වැදගත්ම සාධකය වන්නේ. දුම්රිය සේවයේ ගුණාත්මකබව රැකගත හැකි ප්‍රධානම කොටස් අතරින් දෙකක් තමයි රියදුරන් සහ නියාමකවරුන්. ඒ තරම් වැදගත්වූ රැකියාවකට තමයි අද ඔබ මේ පිවිසෙන්නේ” 

  • අසාධාරණයට ලක්වෙලා කියා හිතෙන හැමෝම 21 නුගේගොඩ එන්න…

    අසාධාරණයට ලක්වෙලා කියා හිතෙන හැමෝම 21 නුගේගොඩ එන්න…

    අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  චෝදනා කළේය. මෙම කාල පරිච්ඡේදය  අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ලෙසද ඔහු පැවසිය

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත්, ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතිබවත් ඔහු පවසීය.

    රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කළේය.

    අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාගෙන්ම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත පක්ෂයේ රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව නාමල්‍ රාජපක්ෂ පැවසීය.

    මෙය කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නොව ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා විරෝධතා රැලියක් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

  • මාලිමා පාලනය මත්ද්‍රව්‍ය කල්ලිවලට ආධාර අනුබල නොදෙන පාලනයක්..- නි. ඇමති

    මාලිමා පාලනය මත්ද්‍රව්‍ය කල්ලිවලට ආධාර අනුබල නොදෙන පාලනයක්..- නි. ඇමති

     මත්ද්‍රව්‍ය මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ දේශපාලන නායකයන් ඊට අනුබල ආධාර ලබාදෙන නිසා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කරයි.

    තම රජය කිසිම ආකාරයකින් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර උපකාර නොකරන බවත් ඔහු කියා සිටී.

    අද මෙරට ඇත්තේ පාතාල අපරාධකරුවන්ට මත්ද්‍රව්‍ය කල්ලිවලට කිසිම ආකාරයකින් ආධාර අනුබල නොදෙන පාලනයක් බවත් හෙතෙම පවසයි.

    සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    C news

  • NPP බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදියි

    NPP බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදියි

    ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ.

    ඊයේ (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය එහි සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක් ද දිනා ගනිමින් විපක්ෂය බලය හිමිකර ගත්තද සභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වුණි.

    එම ඡන්දයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවිය.

    කෙසේවෙතත් මංගල අයවැය සඳහා පැවැති පළමුවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කර තිබේ.

    කොලොන්න ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ සභිකයින් 9ක්, සමගි ජන බලවේගයේ සභිකයින් 5ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 3ක්, එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු සහ සර්වජන බලය පක්ෂයේ එක් සභිකයෙකුගෙන් සමන්විත වෙයි.

  • සැමියා සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්‍රීවරිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සැමියා සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්‍රීවරිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ දිස්නා නිරංජලා කුමාරි නම් මන්ත්‍රීවරියක්ය.

    ඇගේ සැමියා හා පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.

    ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක්ව ඇති බව සඳහන්.

    ඒ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහායදීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙනයන වැඩපිළිවෙළට සහයක් ලෙසද සලකා ඇය මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

    ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වනවිටත් යොමුකිරීමට කටයුතු කර ඇත.

    එමෙන්ම එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

  • රනිල් දුන්න බාර් ලයිෂන් නිවැරදියි.. ක‍්‍රියාත්මක කරන්න..- මුදල් ලේකම් දිවුරුම් ප‍්‍රකාශයකින් අධිකරණයට දන්වයි..

    රනිල් දුන්න බාර් ලයිෂන් නිවැරදියි.. ක‍්‍රියාත්මක කරන්න..- මුදල් ලේකම් දිවුරුම් ප‍්‍රකාශයකින් අධිකරණයට දන්වයි..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව කියන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවරුම් ප‍්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්‍ෂ මහතා පවසයි.

    සිය අන්තර්ජාල නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ එම දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන් කර ඇත්තේ, මෙම බලපත්‍ර ලබා දීම ඉතාම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එම ලබා දීම නිවැරදි බවත්ය.

    තවද, ආණ්ඩුව ඉල්ලා සිටින්නේ මෙම නඩුවේ ඇති චෝදනා හැකි ඉක්මනින් ඉවත් කර දමා, එම බලපත්‍රවලට ක්‍රියාත්මක වෙන්න දෙන ලෙසයි.

    මෙම බලපත්‍ර දේශපාලඥයන්ට ලබා දුන් බවට චෝදනා එල්ල වූ අතර, සාල පේරහිත් පහස්ම ඇතුළු පිරිසක් මෙම බලපත්‍ර ලබා දීම වැරදි බව පවසමින්, එය වහාම නවතා අත්හිටුවන්නැයි ඉල්ලා අධිකරණයට ගියහ.

    කෙසේ වෙතත්, මෙම බලපත්‍ර දේශපාලඥයන්ට දුන් බවට ප්‍රකාශ කරමින්, නඩුවේ සාක්‍ෂිකරුවෙකු ලෙස නම් කර ඇතිවසන්ත සමරසිංහ මහතා උසාවියට පැමිණ නැත. 

    එමෙන්ම, බලපත්‍ර ලැබුණු බව කියූ දේශපාලඥයෙක් ද උසාවියට පැමිණ නැත.

  • ත‍්‍රිපෝෂ අග්ගලා, කුකීස්, කප් කේක් හදන්න ඇමති වසන්න මග පෙන්වයි…

    ත‍්‍රිපෝෂ අග්ගලා, කුකීස්, කප් කේක් හදන්න ඇමති වසන්න මග පෙන්වයි…

    වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ අතර, පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරන ලදි.

    මෙහිදී කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගම පිළිබඳව හඳුන්වා දෙමින් වර්තමාන තත්වය සහ ඉදිරියේදී අපේක්ෂිත ඉලක්කයන් පිළිබඳව අමාත්‍යවරයා සමඟින් සාකච්ඡාවක නිරත විය.

    අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ඇති බාධාවන් ඉවත් කොට මෙහි නිෂ්පාදනය කරනු ලබන ත්‍රිපෝෂ ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු, සෝයා වැනි අමුද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම තුළින් එම නිෂ්පාදන කටයුතු ඉහළ නංවා කුඩා දරුවන්, ගර්භණී මව් වරුන් හා කිරි දෙන මව් වරුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබා දීමට අදාළ කටයුතු විධිමත්ව සිදු කිරීමටත් සුපෝෂ, කුකීස්, කප් කේක්, Calorie Bar සහ අග්ගලා ඇතුළු අනෙකුත් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් අවශ්‍ය මඟ පෙන්වීම වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙහිදී සිදු කරන ලදි.

    ආහාර සුරක්ෂිතතාවය වඩාත් තහවුරු කිරීම සඳහා ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කිරීම වෙනුවෙන් මෙම ත්‍රිපෝෂ සමාගම, වෙළෙඳ අමාත්‍යාංශය වෙත පැවරීම සිදු කරන ලද අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය කාල සීමාව තුළ, මෙම ආයතනය ජනතාව අතරට ගෙන යමින් නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරගෙන යාමට ද කටයුතු කරන ලදි.

    ආයතනය පවත්වාගෙන යාමේදී පැන නඟින ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ සඳහා සාධනීය විසඳුම් ලබා දීමටත්, ආයතනයේ සේවකයින්ගේ ඉල්ලීම් හා සුභසාධනය වෙනුවෙන් කඩිනමින් නිසි මැදිහත්වීම් සිදු කර ක්‍රියාමාර්ග ගැනිමටත් ඉදිරියේදී ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදනයන් සමුපකාර ව්‍යාපාරය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදි.

    C news

  • ජගත් විතාන පාතාලය හා සම්බන්ධයි.. තර්ජන ඒ නිසා..- පොලිස්පති

    ජගත් විතාන පාතාලය හා සම්බන්ධයි.. තර්ජන ඒ නිසා..- පොලිස්පති

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් පල කලේය.

    මන්ත්‍රී ජගත් විතාන මහතාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

    මෙම තර්ජනය මතු වී ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම නිසා නොව, යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බව දැනට අනාවරණය වී තිබේ.

    මෙම තර්ජනය නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය විසින් විවෘතව විමර්ශනයක් පවත්වන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

    විමර්ශන කටයුතු සඳහා ලැබෙන සෑම තොරතුරක්ම පහළ මට්ටමට යොමු කරමින් කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන අවස්ථාවකදී අදාළ තොරතුරු එතුමාට ගිහිල්ලා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    ඝාතනයට පත් වූ සභාපතිවරයෙකු විසින් ආරක්ෂාව සපයන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබූ බවටද පොලිස්පතිවරයා පවසා සිටියේය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති අතර, බිම් මට්ටමට ගොස් එම පුද්ගලයාට දැනුම් දී ඇති බවද සඳහන් වේ.

    තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, මෙරට දේශපාලනයට බලපා ඇති බරපතල තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කළේය.

    මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට පැමිණ ඇති බවත්, ඉදිරියේදී ඔවුන් ජාතික දේශපාලනයට පවා පැමිණීමට සැලසුම් සකස් කර ඇති බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් ඇති බව පොලිස්පතිවරයා අවධාරණය කළේය.

    මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සාමාජිකත්වය දිය යුතුද, ඉදිරි මැතිවරණවලදී අපේක්ෂකත්වය දිය යුතුද යන්න දේශපාලන පක්ෂ විසින්ම තීරණය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

    මෙම අපරාධකරුවන් දේශපාලනයට පැමිණෙන්නේ “සුදු ඇඳගෙන කළු වැඩ කර” තමුන්ගේ කර්තව්‍යයන් වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සඳහා ආවරණයක් ලබා ගැනීමට උත්සාහ කරමිනුයි.

  • නාමල් රාජපක්‍ෂ ජීවිත අනතුරක…

    නාමල් රාජපක්‍ෂ ජීවිත අනතුරක…

    හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමේ සූදානමක් මේ රජය තුළ තිබිය හැකි බවට තමාට බරපතල සැකයක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ප්‍රකාශ කර තිබේ.

    තමාට මෙම සැකය ඇතිවී ඇත්තේ මේ දිනවල සිද්ධ වන දේවල් සමඟ බව ඔහු පෙන්වා දෙයි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තරුණ නායකයෙකු වන නාමල් රාජපක්ෂ අනාගතයේදී අභියෝගයක් වී සිටින බැවින්, ජීවිතය ගැනත් තමාට දැන් බරපතල ප්‍රශ්නයක් පවතින බවයි.

    නීතිඥවරයා පෙන්වා දෙන ආකාරයට, දැනට අත්අඩංගුවේ සිටින කෙනෙක්ගේ දුරකථනයේ ‘නාමල්’ යන නම තිබූ බවට තොරතුරු ලැබී ඇත. කෙසේ වෙතත්, මොන නාමල්ද යන්න තමන් දන්නා බව ඔහු සඳහන් කළේය.

    ඔහු චෝදනා කරන්නේ, මේ කරන්න හදන්නේ නාමල් රාජපක්ෂට බවත්, මෙය නාමල් රාජපක්ෂට පාතාල සම්බන්ධයක් තියෙනවා වගේ පෙන්නලා එතුමාගේ ජීවිතයට අනුතුරක් කිරීමේ සූදානමක් විය හැකි බවත්ය.

    ඔහු තවදුරටත් බිය පළ කරන්නේ, හෙට අනිද්දා නාමාන රාජපක්ෂයට වෙඩි තියලා කියයි, “මෙයාටත් පාතාල සාමාජිකයන් තිබ්බා, ඒකත් මේ පාතාලේ ප්‍රශ්නයක් කියලා” යැයි කීමට ඉඩ ඇති බවයි. පක්ෂයක් ලෙස තවදුරටත් බොරු කියා රාජපක්ෂවරු විනාශ කරන්න ඉඩ නොදෙන බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කළේය.

    නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටින්නේ, මේ රටේ කවුරු ඝාතනය කරත් කියන්නේ පාතාල ප්‍රශ්නයක් කියලා බවයි. මේ රටේ නීතිගරුක පුරවැසියෙක් විදිහට ඔහු දකින්නේ, ආණ්ඩුවට අභියෝග කරන සියලුම මිනිසුන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවයි.

    ඔහු පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් එහෙම තර්ජනයක් එල්ල වූ විට පොලිසියෙන් ආරක්ෂාව ලබා දෙන නමුත්, අද වන විට මරලා දානකම්ම පොලිසිය සද්ද නැතුව බලාගෙන ඉඳලා සිටින බවයි.

    මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඔහු පවසන්නේ, යම් ලියුමක් දෙන වෙලාවේදී මරණ තර්ජනයක් තිබුණේ නැහැයි කියා පොලිසිය පැවසූ බවත්, එයින් පෙනී යන්නේ වෙඩි තැබුවොත් පමණයි මරණ තර්ජනය තියෙන්නේ කියා වර්තමානයේ සලකන බවත්ය.

    මෙම තත්ත්වය භයානක තත්ත්වයක් බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කළේය.

     C news