hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Political News

  • සජබ නායකත්වය යටතේ එජාප සමග පොදු ගමනක් – සජිත්

    සජබ නායකත්වය යටතේ එජාප සමග පොදු ගමනක් – සජිත්

    සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සමගි ජන බලවේගය ඊයේ(09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව ඔහු සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බවය.

  • විවිධ කාරණා මත මාලිමාවෙන් ජනතාව ඈත් වෙනවා.. වෙන පිරිසක් ලංවෙනවා..

    විවිධ කාරණා මත මාලිමාවෙන් ජනතාව ඈත් වෙනවා.. වෙන පිරිසක් ලංවෙනවා..

    දැනට පවතින රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසා ජනතා ආකර්ෂණය යම් ප්‍රමාණයකට අඩුවෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

    ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    එහිදී ඇමතිවරයා අවධාරණය කළේ, මීට පෙර ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබා දුන් පුද්ගලයන් මේ වන විට එම පක්ෂයෙන් ක්‍රමයෙන් දුරස් වෙමින් සිටින බවයි.

    කෙසේ වෙතත්, විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ලෙස ඔහු ප්‍රකාශ කළේ, මාලිමාවට ඡන්දය නොදුන් පිරිස දැන් රජයේ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව විශාල තෘප්තියකට පත්ව ඇති බවයි.

    මාලිමාවට ඡන්දය දුන් අය ඈත් වුවද, රජය කෙරෙහි විශ්වාසය තැබූ අලුත් පිරිසක් බිහි වෙමින් සිටින බව ඔහුගේ අදහස විය.

    C news

  • මහින්ද කකුල් දෙකෙන් එල්ලා ඝාතනය කල යුතුයි.. ඔහු කොටින්ට ආයුධ දුන් ජාති දෙ‍්‍රා්හියෙක්…- ෆොන්සේකා

    මහින්ද කකුල් දෙකෙන් එල්ලා ඝාතනය කල යුතුයි.. ඔහු කොටින්ට ආයුධ දුන් ජාති දෙ‍්‍රා්හියෙක්…- ෆොන්සේකා

    ‘ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා’ යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    “මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා.

    මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අය ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්.

    මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්… මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ කාලේ නාමල් රජපක්ෂට රණවිරුගාය. තාත්තා සරත් ෆොන්සේකා හිරේ දාපු එකත් වැරදීලු මාර කැක්කුමක් ඇවිල්ලා.

    මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවරවෙන්න අන්තිම කිලෝමීටර් 10 යන්න තියෙද්දි සටන් විරාමයක් දුන්නේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ විසින් ජාතියට විස්තර කරලා කියන්න ඕනේ. සටන්විරාමය දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයින්ටික බේර ගන්න.

    2005 ජනාධිපතිවරණට දිනන්න ඕන නිසා ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියන දෙකක් දුන්නා නම් ඒ මිනිහා ජාති ද්‍රෝහියෙක් නෙමෙයිද? අපි ත්‍රස්තවාදී එක්ක සටන් කරනවා මෙයා අවිආයුධ ගන්න සල්ලි දෙනවා. ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා.”

    C news

  • විමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක්

    විමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක්

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට(6) තංගල්ල මූලස්ථානයේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.

    බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

    වීරවංශ මහතා හෙට පෙරවරු 10.00 ට තංගල්ල පොලිසියේ පෙනී සිටීමට නියමිතය.

    තංගල්ල සීනි මෝදර දී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තා පොලිසිය විසින් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

    (සුජිත් හේවාජුලිගේ)

  • ඒකාබද්ධ විපක්ෂයෙන් ලොකු ජන රැලියක් කොළඹට

    ඒකාබද්ධ විපක්ෂයෙන් ලොකු ජන රැලියක් කොළඹට

    ඒකාබද්ධ විපක්ෂය කොළඹදී   ළඟදීම ප්‍රධාන පෙළේ රැස්වීමක් පැවැත්වීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ හෝටලයකදී  පැවති නායක හමුවකදීය.

    එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සාර්ථක කර ගැනීමට සහය දුන් දේශපාලන නායකයන්  සහ  ප්‍රධාන පෙළේ  ක්‍රියාකාරීන්ට සංග්‍රහ   කිරීමට  මෙම හමුව සංවිධාන කර තිබිණ.

    (සුජිත් හේවාජුලිගේ)

  • ශ‍්‍රී ලංකාව පලමුවරට නොබෙල් ත්‍යාගය දිනාගනී.. ඇමති හදුන් එය රටටම දැනුම් දෙයි…

    ශ‍්‍රී ලංකාව පලමුවරට නොබෙල් ත්‍යාගය දිනාගනී.. ඇමති හදුන් එය රටටම දැනුම් දෙයි…

    ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයකදී ලංකාවට නොබෙල් ත්‍යාගය හිමි වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසිය ගණනකට ලංකාවේ රුපියල් වලින් නම් දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක වැනි මිලකට අලෙවි වූ බවද හෙතෙම කියා සිටී.

    එය ගිනස් වාර්තාවක් බවද ඒ මහතා සඳහන් කළේය.

    අදටත් ශ්‍රී ලංකාවේ තේ වලදීම් තියෙන ගුණාත්මක භාවය පවතින බවද ඔහු සඳහන් කළේය.

    එනිසා ඉල්ලුමට සරිලන සරිලන ගුණාත්මක තේ නිෂ්පාදනයක් සැපයීම අභියෝගයක් ලෙස භාර ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

    කොළඹදී පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

    ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මින් පෙර අවස්ථා කිහිපයකදී නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වී තිබුණද කිසිදු අවස්ථාවක එය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ ද නැත.

    නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් සම්මානයක් වන අතර, එය මානව වර්ගයාට විශාල ප්‍රතිලාභ ලබා දුන් පුද්ගලයන්ට සහ සංවිධානවලට වාර්ෂිකව පිරිනැමේ.

    මෙම ත්‍යාගය ස්වීඩන් ජාතික නව නිපැයුම්කරුවෙකු, රසායන විද්‍යාඥයෙකු, ඉංජිනේරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ඔහුගේ අවසන් කැමැත්ත මගින් ස්ථාපිත කරන ලදී. ඩයිනමයිට් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධය.

    පළමු නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ 1901 වර්ෂයේදීය.

    ත්‍යාගලාභියෙකුට රන් ආලේපිත පදක්කමක්, සහතික පත්‍රයක් සහ සැලකිය යුතු මුදල් ත්‍යාගයක් හිමිවේ. ත්‍යාග මුදල නොබෙල් පදනමේ ආදායම මත වෙනස් වේ.

    සෑම වසරකම දෙසැම්බර් 10 වන දින, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභාවයෙන් සංවත්සරය දින, සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලැබේ.

    එක් ත්‍යාගයක් සඳහා උපරිම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුට පමණක් බෙදා දිය හැකිය.

    සාම ත්‍යාගය හැර අනෙකුත් ත්‍යාග පුද්ගලයන්ට පමණක් පිරිනැමේ. සාම ත්‍යාගය සංවිධානයකට ද පිරිනැමිය හැකිය.

    සාමාන්‍යයෙන් මරණයෙන් පසු ත්‍යාග පිරිනැමීම සිදු නොකරයි. එහෙත්, ත්‍යාගය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී පුද්ගලයා ජීවතුන් අතර සිටිය යුතුය.

    C news

  • පඬු කරඳ ගහක් නිසා අධිවේගයට එරෙහි වූ දේවානි අපේ පක්ෂෙ නෙමෙයි…- බිමල්

    පඬු කරඳ ගහක් නිසා අධිවේගයට එරෙහි වූ දේවානි අපේ පක්ෂෙ නෙමෙයි…- බිමල්

    කඩවත මීරිගම අධිවේගී මාර්ගය තැනීමේ දී කිලෝ මීටරයක රු. බිලියන 12ක් වැය වන කතාව අසත්‍යයක් බවත් ඒ සඳහා වැය වන්නේ රු. බිලියන 6.29ක් පමණක් බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

    එම මුදල ද වැඩි බවත් 2015 වසරේ ආර්ථික ඝාතකයන් අත්සන් කරන ලද අත්තනෝමතික ගිවිසුම නොවන්නට එය බිලියන 5ක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

    මෙම ව්‍යාපෘතිය ගසක් නිසා තම පක්ෂයට සම්බන්ධ පරිසරවේදිනියක විරුද්ධ වීම නිසා අඩාල වූයේ යැයි කීව ද ඇය සිය පක්ෂයේ නොවන බවත් සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසර වාර්තා ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවූ විට මහා විනාශයන් ඇති වන බවත් බිමල් රත්නායක අවධාරණය කරයි.

    පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

  • මාලිමා ලොක්කෙක් සේවිකාවකට ලිංගික අතවර කර අත්අඩංගුවට..

    මාලිමා ලොක්කෙක් සේවිකාවකට ලිංගික අතවර කර අත්අඩංගුවට..

    නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායිකාවකට ලිංගික අතවර කර සති තුනක් පමණ සැඟවී සිටි ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට (23 වැනිදා) දන්වා සිටියේය.

    අංක 56/17/ඒ/1, මහවත්ත, බොරැල්ල පාර, පන්නිපිටිය පදිංචි ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා සේවක සංගමයේ සභාපතිවරයා වන සේනාධීරගේ රෝහිමාල් නමැති 56 හැවිරිදි සැකකරු එලෙස අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට ​පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

    සැකකරු විසින්ම තමන්ට බැණ තර්ජනය කර ලිංගික අතවර කරන ලදැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කරන ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ජානකී ශ්‍යාමලී සිල්වා විසින් ඉකුත් අගෝස්තු 31 වනදා කරන ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නාරහේන්පිට පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් කොළඹ යාපනය ගමන් මාර්ගයේ බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ ගැටලුවකට අදාළ සාකච්ඡාවක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ සහ වෘත්තීය සමිති අතර ඉකුත් අගෝස්තු 29 වැනිදා පවත්වා ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.

    එම සාකච්ඡාවට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි පැමිණිලිකාර වෘත්තීය සමිති නායිකාවට බැණ තර්ජනය කර ඇතැයි සැකකරු පැමිණිලිකාරියගේ අතින් අදිමින් ඇයට ලිංගික අතවර කර ඇතැයි පොලිසිය දන්වා සිටියේය.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසංක පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය විසින් තම ​සේවාදායකයාට බැණ තර්ජනය කිරීමක්ද සිදුකර ඇති බවත් ඒ පිළිබඳව ඔහු විසින් මහරගම ​පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවද අධිකරණයට දන්වා සිටියේය.

    සැකකරුට ඇප ලබාදෙන ලෙසද නීතිඥ අසංක පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව ඊයේ (24 වැනිදා) යළි කැඳවන ලෙස නියම කර තිබුණි.

    Aruna

  • ආණ්ඩුව අලුතින් ආරම්භ කර ඇත්ත‍ෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා පමණයි…

    ආණ්ඩුව අලුතින් ආරම්භ කර ඇත්ත‍ෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා පමණයි…

    මේ වසරේ අලුතින් ආරම්භ කර ඇත්ත‍ෙ මත් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

    “මේ වසර ගත්තොත් මේ වසර තුළ මේ රටේ අලුතින් කර්මාන්ත ශාලා ඇති වෙච්ච බවට යම්කිසි තොරතුරක් ලැබෙනවා. අපි දැක්කා ප්‍රවෘත්තිවල පෙන්නුවා වැලිගම ප්‍රදේශයේ අලුත් කර්මාන්ත ශාලාවක්. මත් ද්‍රව්‍ය කර්මාන්තශාලා අලුතින් මේ රටේ ඇති වෙලා තියෙනවා.
    අපි දන්නවා මීට කලිනුත් මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුණා.

    හැබැයි මීට කලින් මත්ද්‍රව්‍ය උවදුර තියෙනකොට ඒවා මැඩලන්න අවශ්‍ය නීති රීති ගෙනාවා. ඒ වගේම පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා. නමුත් මීට පෙර මේ රටේ මත් ද්‍රව්‍ය උවදුර තිබුණේ මත්ද්‍රව්‍ය අහුවුණේ කිලෝ ගණනින්. හැබැයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය අහුවෙන යුගයක් බිහිකරන්නට මේ ආණ්ඩුව සමත්වෙලා තියෙනවා.”

     C news

  • ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා.. ඒවා යලි හදනවා..- නලින්ද

    ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා.. ඒවා යලි හදනවා..- නලින්ද

    රජයේ මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශවල යම් අඩුපාඩු පැවතිය හැකි යයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

    පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ පල කලේ ඇතැම් මැති ඇමතිවරුන් තම දේපළවල සත්‍ය වටිනාකම් සහ වැටුප් තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා නොදුන්නේ මන්දැයි මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ පිරවීමේදී විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කිරීමට තිබූ බවත්, යම් යම් වත්කම්වල වටිනාකම් සම්බන්ධයෙන් තිබිය හැකි අඩුපාඩු පසුව නිවැරදි කිරීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවසීය.

    “මෙවර ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්,මිල සම්බන්ධයෙන්,වටිනාකම් සම්බන්ධයෙන්. ඒවා නිවැරදිකර ගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ තමන්ට ඉදිරිපත් කළ හැකි සියලු වත්කම් පිළිබද ලේඛනගත කර තිබෙනවා. ඒවායේ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන්.

    වඩා වැදගත් දේ තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන එක. දැන් ඔබට බලාගන්න පුලුවන් ඒ වත්කම්වලට අදාළ වර්තමාන වෙළෙදපොළ වටිනාකම් කීයද කියලා. සමහර ඉඩම් මීට අවුරුදු දහය පහළොවකට කලින් ලැබුණු ඒවා හරි ගත්ත ඒවා හරි. ඒවායේ වර්තමාන මූල්‍ය වෙළෙදපොළ වටිනාකම් තක්සේරු කළ යුතුයි. ඒවා නිවරදි කරගන්න පුළුවන්. වඩා වැදගත් දේ තමයි අමාත්‍යවරු සහ රජය නියෝජනය කරන දේශපාලඥයින් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කරලා හෙළිදරව් කරන එක”

    C news