hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Political News

  • තරුණ සමුළුවට මිලියන 38ක්.. ටීෂර්ට්වලට විතරක් මිලියන 12ක්.. ඇණැවුම දී ඇත්තේ වසා දැමූ ආයතනයකට…

    තරුණ සමුළුවට මිලියන 38ක්.. ටීෂර්ට්වලට විතරක් මිලියන 12ක්.. ඇණැවුම දී ඇත්තේ වසා දැමූ ආයතනයකට…

    ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලද තරුණ සමුළුව සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ මහතා බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ දේශපාලන වංචා චෝදනා මතු කරයි.

    මෙම තරුණ සමුළුවේ මුළු වියදම රුපියල් තුන් කෝටි අසූ අට ලක්ෂයකට ආසන්න වන අතර, එය කෝටි හතරකට ආසන්නය. වියදම් වාර්තාව රාහුල් සමන්ත නම් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර තිබූ අතර, එහි ප්‍රධාන වියදම් වූයේ බස් රථ සඳහා, සංග්‍රහ සඳහා සහ ප්‍රචාරණය සඳහා ය.

    රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන විවේචනය එල්ල වන්නේ සමුළුවට පැමිණි තරුණ තරුණියන්ගේ සංග්‍රහ වියදම්වල දක්නට ලැබුණු විශාල විෂමතාව ගැනය.

    සමුළුවට පැමිණි සාමාන්‍ය තරුණයෙක් තරැණියකට තේ එකක් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් 290ක් බැගින් පමණක් වුවත් ‘ප්‍රභූවරුන්ගේ තේ සඳහා’ එක් පුද්ගලයෙකුට වෙන් කර ඇති මුදල රුපියල් 2,625ක් ලෙස සඳහන් වේ.

    ජවිපෙ විසින් නායක පිරිස ප්‍රභූ වෙමින්, සාමාන්‍ය තරුණයන්ට රුපියල් 290 තේ බොන තත්ත්වයක් ඇති කිරීම ‘නිර්ප්‍රභූ දේශපාලනය’ යන ඔවුන්ගේ සංකල්පයට පටහැනි බව රාජපක්‍ෂ මහතා ප්‍රශ්න කරයි.

    සමුළුවේ සමස්ත වියදමෙන් වැඩිම වියදමක් දරා ඇත්තේ ටීෂර්ට් මුද්‍රණය සඳහා බව රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

    ටීෂර්ට් 7,500ක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් එක් කෝටි 18 ලක්ෂයක් වෙන් කර තිබේ. කෙසේ වෙතත්, සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති සමුළුවට පැමිණ ඇත්තේ 3,000ක් පමණ වන අතර, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට රැගෙන ඒමට හැකි උපරිම සංඛ්‍යාව 4,000කට අඩුවෙන් පවතින බවද ඔහු සඳහන් කරයි.

    මෙම ටීෂර්ට් මුද්‍රණය කර ඇත්තේ චායා ටෙක්ස් නමැති ආයතනයකින් වන අතර, ටෙන්ඩරයේදී පළමුව තේරී පත් වූ පාර්ශවය වෙනුවට දෙවනුව තේරී පත් වූ පාර්ශවයට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.

    පන්නිපිටියේ වීර මාවතේ තිබූ චායා ටෙක්ස් ආයතනය මේ වන විට වසා දමා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසන රාජපක්‍ෂ මහතා, වසා දැමු ආයතනයකින් මෙම කාර්යය සිදු කළාද යන්න ප්‍රශ්න කරයි. ඔහු චෝදනා කරන්නේ මෙමගින් පෙනී යන්නේ ‘බිසනස් ඩීල්’ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

    ජවිපෙ විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණේ චේ (Che) ලාංඡනය යොදා ගනිමින් අලුත් දේශපාලනයක් සහ වෙනස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටිමින් ය.

    රාජපක්‍ෂ මහතා සඳහන් කරන්නේ, චේ යනු තමන් විශ්වාස කරන මතය වෙනුවෙන් පෙනී සිටි අවංකකමක් ලෝකයේ තරුණයන්ට පෙන්නුම් කළ චරිතයක් බවයි. කෙසේ වෙතත්, මෙම සමුළුවෙන් සිදු වී ඇත්තේ, අරක්කු හල්වලට විවෘත වන ‘චේ ක්ලබ්’ වල මෙන්, චේ සංකේතය විකුණාගෙන කෑමක් නොවේදැයි ඔහු ප්‍රශ්න කරයි.

    අවසාන වශයෙන්, මෙම “නිර්ප්‍රභූ දේශපාලනයක්” ගැන කතා කරන පිරිස ප්‍රභූ තේ සහ නිර්ප්‍රභූ තේ යනුවෙන් කාණ්ඩ වෙන් කරමින්, ටීෂර්ට් සම්බන්ධයෙන්ද ‘ලස්සන ඩීල් එකක්’ දමා මෙම සමුළුව පවත්වා ඇති බවට ඔහු චෝදනා කරයි.

    C news

  • ඇමරිකාවත් එපා කී LGBTQ ප්‍රවර්ධනයට ආණ්ඩුව අනුබල දෙනවා…

    ඇමරිකාවත් එපා කී LGBTQ ප්‍රවර්ධනයට ආණ්ඩුව අනුබල දෙනවා…

    ඇමරිකාවේ කලකට පෙර දැකගත හැකි වූ විවිධ ලිංගික දිශානතීන් ප්‍රවර්ධනය මේ වන විට ලංකාවේ සිදුවෙමින් ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

    ආචාර්ය ජයසුමන ප්‍රකාශ කරන්නේ මෙයට පෙර ද ලංකාවේ මෙවැනි ප්‍රවර්ධනයන් සිදුවුව ද එවක පැවති ආණ්ඩු මැදිහත්ව ඒවා යටපත් කළ බවයි.

    කෙසේ වුව ද වත්මන් ආණ්ඩුව ඊට එරෙහි නොවෙමින් ඒවා ප්‍රවර්ධනයට අනුබල දෙමින් ඇති බවට ද ඔහු චෝදනා කරයි.

    එය ඇමරිකානු සංස්කෘතියට වසංගතයක් වූ බවත් අවසානයේ එම ව්‍යාපෘතිය පරාජය කිරීම සඳහා එරට ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්කරගත් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    විවිධ ලිංගික දිශානතීන් ඉතිහාසය පුරා පැවතිය ද එය ප්‍රවර්ධනය නොකළ බවත් මෙම ප්‍රවර්ධනය පිටුපස සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමේ සහ ඖෂධ ජාවාරම්කරුවන්ගේ අභිලාෂ ඇති බවත් ආචාර්ය ජයසුමන සඳහන් කරයි.

    සර්වජන බලය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

    C news

  • පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන අයට පොලිස් වාර්තාව අනිවාර්යයි…- නාමල්

    පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන අයට පොලිස් වාර්තාව අනිවාර්යයි…- නාමල්

    ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදිවලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

    ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව සඳහන් කළේ ය.

    ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.

    මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බව ත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

    අනුර බාලසූරිය

  • සම්පත් මනම්පේරිගේ නීතීඥයා ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක්…

    සම්පත් මනම්පේරිගේ නීතීඥයා ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක්…

    මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සම්පත් මනම්පේරි නැමැත්තාගේ නඩු වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩුවේ වර්තමාන කැබිනට් අමාත්‍යවරයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කරයි.

    ඔහු මේ වන විට නීති කටයුතු සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ ප්‍රබලම පුද්ගලයා බවද හෙතෙම කියා සිටියි.

    තමන් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු නඩු වාර්තා සමඟ නුදුරේදීම හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසුවේය.

    රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

  • අධිකරණ තීන්දුව ක‍්‍රියාත්මක නොකරන්නැයි දැනුම් දුන්නා…- ලක්මාලි

    අධිකරණ තීන්දුව ක‍්‍රියාත්මක නොකරන්නැයි දැනුම් දුන්නා…- ලක්මාලි

    අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

    නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකට පැවති සංවාදයකදී ඇය මේ බව පැවසුවාය.

    තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බවද පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව පැවසුවාය.

    කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.

    C news

  • බිමල්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ…

    බිමල්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ…

    අමාත්‍ය බිමල් රත්නායකගේ මාධ්‍ය ලේකම්වරයා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

    එම ධුරයේ කටයුතු කරන ලද්දේ සුරංග ලක්මාල් සෙනෙවිරත්න මහතායි.

    මීට දින පහකට පමණ පෙර සුරංග ලක්මාල් සෙනවිරත්න ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර ඒ වනවිට බිමල් රත්නායක අමාත්‍යවරයා කටයුතු කළේ ප්‍රවාහන ,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයේයි.

    නමුත් (10) කැබිනට් සංශෝධනයත් සමඟම බිමල් රත්නායක මහතාට හිමිවී තිබෙන්නේ ප්‍රවාහන ,මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයයි.

    මීට පෙරද බිමල් රත්නායක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයකම ප්‍රධානීන් ඉල්ලා අස්වු බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

  • ආණ්ඩු විරෝධී ලොකු රැලියක් නුගේගොඩ පවත්වනවා..

    සියලු විපක්ෂ දේශපාලන පක්ෂ ලබන මස නුගේගොඩදී දැවැන්ත ජන රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    නුගේගොඩදී පැවැත්වීමට නියමිත මෙම රැලිය, ඉදිරියේදී සියලු විපක්ෂ පක්ෂ එක් වේදිකාවක් යටතට ගෙන ඒම සඳහා පදනම වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

  • අපේ දක්ෂතා දැකලා රටේම ජනතාව සතුටු වෙනවා… විපක්ෂ නින්දති කුහකයෝ රට වැටෙනකල් බලා ඉන්නවා…- හර්ෂණ

    අපේ දක්ෂතා දැකලා රටේම ජනතාව සතුටු වෙනවා… විපක්ෂ නින්දති කුහකයෝ රට වැටෙනකල් බලා ඉන්නවා…- හර්ෂණ

    පාතාළය සහ කුඩු අල්ලන විට මැදමුලන කලබල වන බවත් ඊට හේතු ඇති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ අද පාතාළය ඇල්ලුව ද ඔවුන් ආයුධ පෙන්වීමට ගොස් මරා නොදමන නිසා ඔවුන් පිටුපස සිටින දේශපාලන හස්තයන් හෙළිවෙමින් ඇති බවයි.

    ගෙවුණු වසර තුළ වසර පනහක වැඩ තමන් කර ඇති බවත් එම දක්ෂතාව නිසා සතුටට පත්ව සිටින ජනතාව 2029 වසරේ දී තමන්ට තවත් අවුරුදු පහකට බලය ලබා දෙන බවත් හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.

    එහෙත් විපක්ෂයේ සිටින්නේ පොල් මල පොළොවේ ගැසුවා සේ විසිරි ගිය මෙලෝ හසරක් නැති පිස්සන් පිරිසක් බවත් ඔවුන් රට වැටෙන තුරු බලා සිටින කුහක නින්දිතයයන් බවත් ඇමතිවරයා සඳහන් කරයි.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

    C news

  • අපේ පවුල් කඩන්න හදනවා…- ෆේස්බුක්කරුවන් රොත්තක් අල්ලා ඇමති වසන්ත පොලිසි යයි..

    අපේ පවුල් කඩන්න හදනවා…- ෆේස්බුක්කරුවන් රොත්තක් අල්ලා ඇමති වසන්ත පොලිසි යයි..

    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ සහ විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

    මෙම පැමිණිල්ල (පැමිණිලි අංක 20039516 යටතේ) 2025/10/09 දින යොමු කර ඇති අතර , අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහ යන අය මෙම අසත්‍ය ප්‍රවෘත්ති මගින් ඉලක්ක කර ඇත.

    මෙම ප්‍රවෘත්ති හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිත වලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන් වේ.

    අමාත්‍යවරයා සහ මහජන සම්බන්ධතා නිලධාරිණිය අතර අනියම් සබඳතාවක් පවතින්නේ යැයි සඳහන් කරමින් අභූත චෝදනා නගමින් මෙම ප්‍රචාරණය සිදු වන අතර, එමඟින් ඔවුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් ඇති වන බව දන්වා ඇත.

    ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදු කරන බැවින්, අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ මහතා විසින් ඉල්ලා සිටී. මෙම පැමිණිලි සමඟ ව්‍යාජ පුවත් වලට අදාළ සමාජ මාධ්‍ය සබැඳි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

    පහත සඳහන් සමාජ මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයින් සහ පිටු පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත:

    පුද්ගලයින්:

    • Nimantha Perera
    • Dumindu Jayasuriya
    • K.W. Padmasiri
    • Manjula Perera
    • Rannu Jazze
    • Thushari pathiraja
    • Palitha Dewasiri
    • Rasika Vikumpriya
    • Fernando Inoka
    • ගම්පහ පොදු ජන හඬ
  • නිවිතිගල සමුපකාරයත් විපක්‍ෂය ජයගනී…

    නිවිතිගල සමුපකාරයත් විපක්‍ෂය ජයගනී…

    රත්නපුර නිවිතිගල සමූපකාර සමිතියට නිලධාරීන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී සමගි ජන බලවේගව සහාය දුන් කණ්ඩායම ජයගෙන තිබේ.

    එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 9න් 5ක් දිනා ගැනීමට එම කණ්ඩායම සමත් වී ඇත.