Ceylon Times

Challenging Ideology

අපේ පවුල් කඩන්න හදනවා…- ෆේස්බුක්කරුවන් රොත්තක් අල්ලා ඇමති වසන්ත පොලිසි යයි..

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ සහ විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

මෙම පැමිණිල්ල (පැමිණිලි අංක 20039516 යටතේ) 2025/10/09 දින යොමු කර ඇති අතර , අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහ යන අය මෙම අසත්‍ය ප්‍රවෘත්ති මගින් ඉලක්ක කර ඇත.

මෙම ප්‍රවෘත්ති හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිත වලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන් වේ.

අමාත්‍යවරයා සහ මහජන සම්බන්ධතා නිලධාරිණිය අතර අනියම් සබඳතාවක් පවතින්නේ යැයි සඳහන් කරමින් අභූත චෝදනා නගමින් මෙම ප්‍රචාරණය සිදු වන අතර, එමඟින් ඔවුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් ඇති වන බව දන්වා ඇත.

ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදු කරන බැවින්, අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ මහතා විසින් ඉල්ලා සිටී. මෙම පැමිණිලි සමඟ ව්‍යාජ පුවත් වලට අදාළ සමාජ මාධ්‍ය සබැඳි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

පහත සඳහන් සමාජ මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයින් සහ පිටු පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත:

පුද්ගලයින්:

  • Nimantha Perera
  • Dumindu Jayasuriya
  • K.W. Padmasiri
  • Manjula Perera
  • Rannu Jazze
  • Thushari pathiraja
  • Palitha Dewasiri
  • Rasika Vikumpriya
  • Fernando Inoka
  • ගම්පහ පොදු ජන හඬ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *