hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Local News

  • දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

    දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

    දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

    මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇත.

    එමෙන්ම ඒ මහතා අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම රජයේ ආයතන කිහිපයක ප්‍රධානි තනතුර ඇතුළු තනතුරු කිහිපයක් ඒ මහතා දරා තිබේ.

  • ඩබල් කැබ් ගණුදෙනුවෙන් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක්…

    ඩබල් කැබ් ගණුදෙනුවෙන් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක්…

    ඩබල් කැබ් රථ ගණුදෙනු සම්බන්ධයෙන් ලබාදී ඇති බදු සහන, මෙරට සිදුවූ “සීනි බදු වංචාව”ට වඩා කිසිවක් නොවන විශාල බදු අහිමිවීමකට හේතු වී ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් ඇමතිවරයා ලෙස තම පක්ෂ කාඩරයට ඩබල් කැබ් මිලදී ගැනීමේදී ලබාදුන් බදු මාර්ගික පහසුකම් මගින්, එම සීනි බදු ගැටළුවට සාපේක්ෂව හත් අට ගුණයක බදු අහිමිවීමක් රටේ සිදුවූ බවත් ඔහු පෙන්වයි.

    ඩබල් කැබ්වලට සමාන පහසුකම් සහිත මෝටර් රථවලට 200%ක බදු පනවා ඩබල් කැබ් ඉන් නිදහස් කිරීමෙන් විශාල බදු ආදායමක් රටට අහිමි වන බවත් පැවසූ ඔහු සීනි බදු වංචාවට වංචාවට එරෙහිව අධිකරණයට දිව ගිය පිරිසම එය කිරීම කනගාටුවට කරුණක් බවත් පැවසුවේය.

    ඒ සමඟම, ජනතාවට අදාල අත්‍යවශ්‍ය භාන්ඩවලට — හාල් කිලෝවකට රු.65, ලූනු කිලෝවකට රු.40, ඩීසල් සඳහා රු.100, පෙට්‍රල් සඳහා රු.120 — බදු බර පැනවීමත්, තමාගේ පක්ෂ කටයුතු නඩත්තු කර ගැනීම සඳහා ඩබල් කැබ් වෙත බදු අඩුකිරීම් ලබාදීමත් අතර ඇති වෙනස විරෝධාභාසය ඔහු අවධාරණය කළේය.

    ඒ අනුව, එක් ඩබල් කැබ් රථයට ලක්ෂ 400ක් පමණ බදු සහනයක් ලැබෙන අතර, එවැනි සහනයක් නොලഭුණහොත් එම රථයේ වියදම ලක්ෂ 700කට අධික වන බවද එක්කර සඳහන් කළහ. රාජ්‍ය සේවකයන්ට කිහිපයක් ලබා දුන් පසු ඉතිරි රථ පක්ෂ කාඩරයට බෙදා දී ඇති හැකියාවද රණවක මහතා අවධාරණය කළේය.

    මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශකළේය.

  • දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම් ලිපි

    දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම් ලිපි

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක සිට පුරප්පාඩුව තිබූ දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා විවෘත තරග පරීක්ෂණය හරහා සුදුසුකම් ලබාගත් පුද්ගලයන්ට පත්වීම් ලිපි ප්‍රදානය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මෙම අවස්ථාවේදී, දුම්රිය දෙපාර්තමේන්තුවේ හිස්ව තිබූ රියදුරු තනතුර සඳහා නව රියදුරන් 85 දෙනෙකුටද, නියාමක තනතුර සඳහා පුහුණුකරු 06 දෙනෙකුටද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිල පත්වීම් ලිපි බාරදෙන්නට යෙදියි.
    මේ සම්න්ධව අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, සාම්ප්‍රදායික සහතිකයන්ට සීමා වූ අධ්‍යාපනයෙන් රටට හෝ ජනතාවට සැබෑ වාසි නොලැබෙන බවය.

    තවද වර්තමානයේ දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිවී ඇති අතර, එක් දුම්රියක්වත් අවලංගු වීම සමාජය පමණක් නොව පුද්ගලික මට්ටමින්ද ජනතාවට බරපතල බලපෑමක් ඇති කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

    “වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් සිදුවෙන්නේ. මේ හේතූන් නිසාම දුම්රිය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ජනතාව තුළ ගොඩනැගිලා තිබෙන්නේ. දුම්රිය බාර ඇමති විදියට මටත් එවැනිම අපැහැදිළි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ ගොඩනැගිලා ඇත්තේ. සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටට, ජනතාවට ප්‍රයෝජනයක්  නැහැ. අපේ නම්බුනාම හෝ වැටුපෙන් ඔවුන්ට වැඩක් නැහැ. ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වී, ක්ෂණිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විමයි ජනතාවට වැදගත්ම සාධකය වන්නේ. දුම්රිය සේවයේ ගුණාත්මකබව රැකගත හැකි ප්‍රධානම කොටස් අතරින් දෙකක් තමයි රියදුරන් සහ නියාමකවරුන්. ඒ තරම් වැදගත්වූ රැකියාවකට තමයි අද ඔබ මේ පිවිසෙන්නේ” 

  • අසාධාරණයට ලක්වෙලා කියා හිතෙන හැමෝම 21 නුගේගොඩ එන්න…

    අසාධාරණයට ලක්වෙලා කියා හිතෙන හැමෝම 21 නුගේගොඩ එන්න…

    අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  චෝදනා කළේය. මෙම කාල පරිච්ඡේදය  අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ලෙසද ඔහු පැවසිය

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත්, ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතිබවත් ඔහු පවසීය.

    රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කළේය.

    අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාගෙන්ම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත පක්ෂයේ රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව නාමල්‍ රාජපක්ෂ පැවසීය.

    මෙය කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නොව ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා විරෝධතා රැලියක් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

  • අයවැය කාරක සභා විවාදය අද සිට

    අයවැය කාරක සභා විවාදය අද සිට

    අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුකරන බවය.

    මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත විය.

    එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

    ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.

    මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශකිරීම විශේෂයක්ය.

    2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

  • 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

    2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

    2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.

    පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවය.

    අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6 ට සිදු කෙරේ.

    අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

    2026 අයවැය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    පැය 4 කට අධික කලයක් අයවැය යෝජනා ජනාධිපතිවරයා විසින් එහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

  • කැබිලිත්ත රක්‍ෂිතයේ අනවසරයෙන් වගා කල ගොවීන්ට එම ඉඩම් පවරා දෙයි..

    කැබිලිත්ත රක්‍ෂිතයේ අනවසරයෙන් වගා කල ගොවීන්ට එම ඉඩම් පවරා දෙයි..

    සියඹලාණ්ඩුව කොටියාගල කැබිලිත්ත රක්ෂිතයේ  අනවසරයෙන්  වගා කටයුතු කරන ලද ගොවීන් හට නිසි පරිදි මැනුම් කර නීත්‍යානුකූල ඉඩම් පවරා දීමට කඩුනමින් කටයටුතු කරන ලෙස මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදී මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.මෙම රැස්වීම මොනරාගල දිස්ත්‍රික් පා.ම අජිත් ශාන්ත අගලකඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ අජිත් අගලකඩ මහතා,කැබිලිත්ත රක්ෂිතයේ අනවසරයෙන් වගා කරන ගොවීන් සඳහා අක්කර පහ බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. එක් අයෙකුට ඉඩම් අක්කර පහ බැගින් ලබාදෙන අතර 2026 ජූනි 30 වෙනි දිනට ප්‍රථම සියලුම ගොවීන්ට ඉඩම් කට්ටි ලබාදිය යුතුයි.දැනට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් එම ප්‍රදේශ වල ගොවීන් 1,237 දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.නමුත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සංගණනය අනුව එලෙස සිටින්නේ ගොවීන් 446 දෙනකු පමණයි.මෙම තත්වය නිරාකරණය කර ගැනීමට දෙපාර්ශවයම එක්ව සත්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන්න.මෙම කාර්ය පහසු වන පරිදි එම ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරීන් යොදා ගනිමින් එයට සුවිශේෂීවූ යෙදවුමක් භාවිතා කරමින් ඉඩම් සිතියම් ගත කරමින් නිවැරදි ගොවියන් හඳුනා ගත යුතුයි.

    ඒ සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ට පුහුණුවක් ලබාදිය යුතු අතර ග්‍රාම නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් ඉඩම් මැන කට්ටිය කර ගොවීන්ට භාරදීමට කටයුතු කරන්න.මෙම ගැටළුව වර්ෂ කිහිපයක සිට දිගින් දිගටම ඇදී යනවා.ලබන වසරේ ජූනි 30 වෙනි දිනට පෙර සියලුම ගොවීන් හඳුනාගෙන ඔවුන්ට ඉඩම් කට්ටි ලබාදිය යුතයි.අලුතෙන් කිසිදු ගොවි පවුලක් ඊට ඇතුළත් නොකළ යුතුයි.

    මෙම අවස්ථාව සඳහා මොනරාග අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.එම් විජේනායක,මිනින්දෝරු අධිකාරී එන්.පී නාගහවත්ත,සියඹලාණ්ඩුව වැඩබලන ප්‍රාදේශීය ලේකම් චතුර සමරසේකර,සහකාර දිසා වන නිලධාරී දිවාරත්න, ග්‍රාම නිලධාරීන් ඇතුළු එම ක්ෂේත්‍රයට අයත් නිලධාරීහු සහභාගී වූහ.

    මොනරාගල සුමනසිරි ගුණතිලක  

  • රෝහලට කෑම නෑ.. රෝගීන් බඩගින්නේ..

    රෝහලට කෑම නෑ.. රෝගීන් බඩගින්නේ..

    කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මහපල්ලේගම රජයේ රෝහලේ නේවාසික රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට පෙරේදා (04දා) වැනි දින සිට ආහාර නැති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

    මෙම රෝහලේ කෑම කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත්තේ වරකා පොළ විවිධ සේවා සමුපකාර සමිතියයි. 

    මෙම කෑම නොමැතිවීම නිසා නේවාසික රෝගීන් සහ කාර්ය මණ්ඩලය මහත් අසීරු තත්ත්වයකට පත්ව ඇත

    දැදිගම – දයාරත්න බණ්ඩාර

  • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සම්බන්ධව නිවේදනයක්

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සම්බන්ධව නිවේදනයක්

    තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

    එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අද (07) පෙ.ව.10.00 සිට නොවැම්බර් 28 රාත්‍රී 12.00 දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර නියමිත දිනට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් වලංගු නොවන බවය. 

  • නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය අදයි

    නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය අදයි

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) දින සිදුකිරීමට නියමිතව ඇත.

    ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද ප.ව. 2ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව මෙවර මෙම තනතුර වෙනුවෙන් 7 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව ඇත.

    ඒ වත්මන් වැඩබලන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල, කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන අයයි.

    එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණී කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන මහත්වරුද මේ සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

    එසේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

    විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුව දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10ක් වන බැවින් අද දිනයේ පත්වන දියවඩන නිලමේවරයාට ඒ අනුව 2035 දක්වා සේවය කිරීමට හැකියාව පවතී.

    උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ දා පටන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස පුද්ගලයන් 19 දෙනෙකු සේවය කර තිබෙන බව වාර්තා වේ.

    මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු පිළිබද නියෝජ්‍ය කොමසාරිස් අනුරුද්ධ බන්ඩාර මහතා විසින් දියවඩන නිලමේවරයා පත්කර ගැනීම සම්බන්දයෙන් පැහැදිලි කළේ,

    “රැස්වීමේදී නාමයෝජනා එකකට වැඩි ප්‍රමාණයක් ලැබුණහොත් ඒ අය අතරින් සුදුස්සෙක් තෝරාගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙනවා. පනතට අනුව වයස අවුරුදු 18ට වැඩි 70ට අඩු සිංහල බෞද්ධ පිරිමි අයෙක් විය යුතුයි. එමෙන්ම ඔහු උසාවියේ වැරදිකරුවෙකු නොවිය යුතුය” යනුවෙන්.

    Gagana