hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Local News

  • තේ ෆැක්ටරියක ඇඹරුම් යන්ත්‍රයට හසුව කම්කරුවෙක් මියයයි…

    තේ ෆැක්ටරියක ඇඹරුම් යන්ත්‍රයට හසුව කම්කරුවෙක් මියයයි…

    මාඋස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කල පුද්ගලයකු එහි තේ දළු අබරන යන්ත්‍රයට (රෝලරයට) හසුව මිය ගොස් ඇත.

    මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ  මස්කෙළිය වැවිලි සමාගමට අයත් මාඋස්සාකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි එම වතුයායේ පදිංචි ක්‍රිෂ්ණන් වීජේකුමාර් (අවුරුදු 49) යන අය එම කර්මාන්ත ශාලාවේ තේ දළු අබරන යන්ත්‍රයට (රෝලරයට) හසුව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බවත්ය.

    මෙම අනතුර 05වන දින අළුයම 2.10ට පමන සිදුව ඇති බවත් මේ පිලිබදව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තුමන්ගේ ස්ථානිය පරික්ෂනයෙන් පසුව මල සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන යාමට පියවර ගෙන ඇති බවත් මේ පිලිබදව මස්කෙළිය පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

    මනුර සුදත් සෙල්ලහේවා

  • කටුපොල් වගාවට අනුමැතිය දීම ගැන රජයේ අවධානය

    කටුපොල් වගාවට අනුමැතිය දීම ගැන රජයේ අවධානය

    ඉදිරියේදී කටුපොල් වගා කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරට කටුපොල් වගාව තහනම් කෙරිණි. ඒ අනුව දැනට වගාකර තිබෙන කටුපොල් වගාව වසරකට සියයට දහය (10%) බැගින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද එම ගැසට් නිවේදනයේ දැක්වේ.

    වැවිලි සමාගම් විසින් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබේ.

    කටුපොල් මෙරට වගා කිරීම සුදුසුද නැතිද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේදී විද්වත් කමිටුවක් පත් කරන ලදි. එම කමිටුව පත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවය.

    ඊට අදාළ සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කමිටුව සඳහා නියෝජිතයන් පත්කර ඇත. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ විද්වතුන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

    වැවිලි අමාත්‍යාංශය විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ කටුපොල් වගාව සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් කමිටුවේ තීරණය පරිදි ඉදිරි කටයුතු සිදු කරන බවත්ය. ඒ අනුව අදාළ කමිටුවේ තීරණය ලැබී ඇතැයිද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය. තවද යම් යම් කොන්දේසි මත කටුපොල් වගා කිරීම සුදුසු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය. මෙම කමිටු වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

    සාලිය කුමාර ගුණසේකර

  • ආදායම් බදු සඳහා ලියාපදිංචි තැනැත්තන්ට නිවේදනයක්

    ආදායම් බදු සඳහා ලියාපදිංචි තැනැත්තන්ට නිවේදනයක්

    ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන්  2024/2025  තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම් දී තිබේ.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

    නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව බව එම නිවේදනයේ සඳහන්වේ.

    වැඩි විස්තර 1944 අංකයෙන් හෝ http://www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකිය.

  • රනිල් දුන්න බාර් ලයිෂන් නිවැරදියි.. ක‍්‍රියාත්මක කරන්න..- මුදල් ලේකම් දිවුරුම් ප‍්‍රකාශයකින් අධිකරණයට දන්වයි..

    රනිල් දුන්න බාර් ලයිෂන් නිවැරදියි.. ක‍්‍රියාත්මක කරන්න..- මුදල් ලේකම් දිවුරුම් ප‍්‍රකාශයකින් අධිකරණයට දන්වයි..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව කියන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවරුම් ප‍්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්‍ෂ මහතා පවසයි.

    සිය අන්තර්ජාල නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ එම දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන් කර ඇත්තේ, මෙම බලපත්‍ර ලබා දීම ඉතාම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එම ලබා දීම නිවැරදි බවත්ය.

    තවද, ආණ්ඩුව ඉල්ලා සිටින්නේ මෙම නඩුවේ ඇති චෝදනා හැකි ඉක්මනින් ඉවත් කර දමා, එම බලපත්‍රවලට ක්‍රියාත්මක වෙන්න දෙන ලෙසයි.

    මෙම බලපත්‍ර දේශපාලඥයන්ට ලබා දුන් බවට චෝදනා එල්ල වූ අතර, සාල පේරහිත් පහස්ම ඇතුළු පිරිසක් මෙම බලපත්‍ර ලබා දීම වැරදි බව පවසමින්, එය වහාම නවතා අත්හිටුවන්නැයි ඉල්ලා අධිකරණයට ගියහ.

    කෙසේ වෙතත්, මෙම බලපත්‍ර දේශපාලඥයන්ට දුන් බවට ප්‍රකාශ කරමින්, නඩුවේ සාක්‍ෂිකරුවෙකු ලෙස නම් කර ඇතිවසන්ත සමරසිංහ මහතා උසාවියට පැමිණ නැත. 

    එමෙන්ම, බලපත්‍ර ලැබුණු බව කියූ දේශපාලඥයෙක් ද උසාවියට පැමිණ නැත.

  • මාගරින් බදු අඩු කළොත් කේක් කිලෝව රු.200කින් බහී

    මාගරින් බදු අඩු කළොත් කේක් කිලෝව රු.200කින් බහී

    ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු ඉවත් කරන්නේනම් හෝ දේශීය මාගරින් මිල අඩු කරන්නේනම් නත්තල් උත්සව සමයේ සිට කේක් කිලෝවක් රුපියල් දෙසීයකින් සහ බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීමට සූදානම් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

    ආනයනික මාගරින් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 600ක බද්දක් පැනවීමත් සමග මාගරින් ආනයනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත් එය අවස්ථාවක් කරගනිමින් මෙරට පිහිටි ප්‍රධානතම මාගරින් නිෂ්පාදන සමාගමක් මගින් කිලෝ ග්‍රෑමයක් රුපියල් දහසක් වැනි අධික මිලකට අලෙවි කිරීම බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට විශාලතම බාධකය බවට පත්ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

    ආනයනික මාගරින් සඳහා බදු පැනවීමට පෙර තම කර්මාන්තය සඳහා ඉතා පහසු මිලට මාගරින් මිලදී ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් සභාපතිවරයා විදේශයන්හි මෙම මාගරින් කිලෝවක් රුපියල් 300 – 400ත් අතර මිලක පවතින බවද ඔහු පැවසීය.

    ආනයනික මාගරින් සඳහා පනවා ඇති අධික බදු මුදල ඉවත් කිරීමට හෝ දේශීය මාගරින් මිල අඩු කිරීමට රජය පියවර ගතහොත් දැනට වෙළෙඳපොළේ රුපියල් 950 – 1000 අතර පවතින කේක් මිල රුපියල් 200 කින් සහ බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉතා පහසුවෙන් අඩු කිරීමට හැකියාව පවතින බව ඒ මහතා සඳහන් කළේය.

    එබැවින් එළැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සිට පාරිභෝගික ජනතාවට කේක්, බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල අඩුකරදීම සඳහා මාගරින් මිල අඩුකිරීමට රජය අවශ්‍ය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

    ටෙඩී ප්‍රනාන්දු – දිවුලපිටිය

  • වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට

    වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට

    2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

    මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.

    ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.

    කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

  • ස්වාධීන රූපවාහිනියත් පාඩු ලබයි…

    ස්වාධීන රූපවාහිනියත් පාඩු ලබයි…

    2025 වසරේ මුල් මාස හය ඇතුළත ස්වාධීන රූපවාහිනිය රු. මිලියන 77ක පාඩුවක් වාර්තා කර තිබේ.

    පසුගිය වසරෙ සියලු වියදම් පියවා මිලියන සුළු ලාභයක් ඉපයීමට ඒම ආයතනය  සමත් විය.

    මෙම පාඩු වාර්තා වන්නේ රජයේ දැන්වීම් රාශියක් ඒම නාලිකාවට ලබා දෙමින් ඇති පසුබිමකය.

    cnews

  • මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට

    මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට

    අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

    එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වල දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගෙන ඇත.

    මීට අමතරව අදාළ විදුහල්පතිවරයා විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

    අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

    මීට අමතරව එම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    adaderana

  • ඉල් පුර පසළොස්වක පොහොය අදයි 

    ඉල් පුර පසළොස්වක පොහොය අදයි 

    ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.

    මෙය සාමාන්‍යයෙන් නවම්බර් මාසයේ දී එන පොහොය දිනය වන අතර, පුරාණ සිහිවටන් අනුව බුදුන් වහන්සේගේ ජීවිතයේද, ධර්ම සංස්කෘතියේද විශේෂ සිදුවීම් කිහිපයක් මෙම දිනට අදාළ වේ.

    ඉල් පුර පසළොස්වක පොහොයේ වැදගත් සිදුවීම්

    1. ලෝකනායක ගෞතම බුදුන් වහන්සේ විසින් තෙරුවන් බෝධි ධර්මය ලෝකට ප්‍රථම වරට ප‍්‍රකාශ කළ දිනයකි.
      — මෙය බුදුන් වහන්සේගේ අභිසම්බෝධි වර්ෂයේ පස්වන මාසයේදී සිදුවූ බව Tripitaka සටහන් කරයි.
    2. උපාලි මහාරහත තෙරුන්ගේ සඞ්ඝාභිෂේකය සිදු වූ දිනය.
      — බුදුන් වහන්සේ විසින් විනය පාලනය භාර දුන් ආරම්භය මෙයයි.
    3. බෝධි පුද්ගලයන් විශේෂ පින් කටයුතු සිදු කරනු ලබන දිනයකි.
      — බෝධි පූජා, සිල් රැකීම, ධම්ම දේශනා, බෝධි වට දීප පහන් දැල්වීම ආදිය බහුලව පැවතේ.
    4. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළත් විශේෂ අරුත් සහිතව පවතින පොහොය දිනයකි.
      — පුරාණ රජවරුන් මෙම දිනය දී විහාර මහා දාන, දාගැබ් පුනර්නිර්මාණ, බෝධි පූජා වැනි ධාර්මික කටයුතු ආරම්භ කළහ.

    මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

    බුද්ධත්වය ලබා ගැනීමට පෙරුම් පුරන බෝධිසත්වවරයෙකුට තමන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ ව සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමකගෙන් ස්ථිර වශයෙන් ම දැනගැනීම නියත විවරණ ලැබීම නම් වේ. මෙහිදී සම්මා සම්බුදුරජාණන්වහන්සේ එම බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබන බව ස්ථිර වශයෙන් ම ප්‍රකාශ කරන අතර බුදුසිරිත හා බැඳුණු බොහෝ විස්තර ද ප්‍රකාශ කරති.

    බෝධිසත්වවරයෙකු විසින් නියත විවරණ ලැබීමේ දී සම්පූර්ණ කළ යුතු ධර්මතා අටක් පිළිබඳ ව බුද්ධවංශ පාළියෙහි සුමේධ කථාවෙහි සඳහන් වේ. එම කරුණු මෙසේය.

    1. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම
    2. පුරුෂයෙකු වීම
    3. එම ආත්මභාවයේ දී වුව රහත් බව ලැබීමට හේතු සම්පත්තියක් තිබීම
    4. බුදුරජාණන්වහන්සේ නමක් සියැසින් දැක ගැනීමට තරම් භාග්‍යවන්තයෙකු වීම
    5. පැවිදි වී සිටීම
    6. අෂ්ට සමාපත්ති උපදවා ගත් ධ්‍යානලාභියෙක් වීම(ප්‍රථම, ද්වීතීය, තෘතීය, චතුර්ථ යන රූපාවචර ධ්‍යාන සතර සහ ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූපාවචර ධ්‍යාන සතර අෂ්ට සමාපත්ති වේ.)
    7. ජීවමාන බුදුරජාණන්වහන්සේට තම ජීවිතය වුව පුදන්නට තරම් ශක්තියක් තිබීම
    8. බුද්ධ කාරක ධර්ම පූරණයට මහත්කැපවීමක් හා ධෛර්යක් තිබීම

    මෙම ධර්මතා අට යමෙකුට පිහිටා ඇත්නම් ඔහු බුදුරජාණන්වහන්සේ නමක් ඉදිරියේ නියත විවරණ ලැබීමට සුදුසුකම් සැපිරූ අයෙකි.

    මේ මහා භද්‍ර කල්පයෙහි බුදුරජාණන්වහන්සේලා පස්නමක් පහළ වන බව බුද්ධවංශ පාළියෙහි සඳහන් වේ. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන්වහන්සේලා සිව් නම පහළ වී අවසානය.

    ඔබත් මාත් ජීවත් වන වර්තමානයේ පවතින්නේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශාසනයයි.

    මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වූ සිව්වන බුදුරජාණන්වහන්සේ වන ගෞතම බුදුරජාණන්වහන්සේ බුදු බව පතා නියත විවරණ ලැබුවේ දීපංකර නම් බුදුරජාණන්වහන්සේගෙනි.

    වස් එළඹ සිටි භික්‍ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි චීවර මාසයේ අවසන් දිනය වන ඉල් පුර පොහෝ දිනය ශාසන ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම්වලින් සමන්විතය. ගෞතම බුදුරජාණන්වහන්සේ ප්‍රථම ධර්මදූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම ලෝවැසියාට හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර යැවීම, බුදුරජාණන්වහන්සේ තුන්බෑ ජටිලයන්ගේ (උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප) හිත සුවපිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, මෛත්‍රි බෝධිසත්වයන් වහන්සේ මතු බුදු වන බවට නියත විවරණ ලැබීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් එළඹි භික්‍ෂූන් වහන්සේලා පවාරණ විනය කර්මය සිදු කිරීම ඉල් පුර පොහොය හා බැඳුණු ශාසනික සිදුවීම් අතර වේ.

  • සුනාමි කුලුනු 77ම වැඩ නැහැ -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    සුනාමි කුලුනු 77ම වැඩ නැහැ -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම පවතින්නේ අක්‍රිය තත්ත්වයක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ පැවැසීය.

    අද (05 වැනිදා) පැවැත්වීමට නියමිත ‘සුනාමි ආපදා’ පෙරහුරු වැඩසටහන සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

    මෙම සුනාමි කුලුනු සඳහා සංඥා ලබාදීමට අදාළව අභ්‍යාවකාශයේ රඳවා තිබූ චන්ද්‍රිකාව ක්‍රියාත්මක නොවීම නිසා මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77 ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවැසුවේය.

    සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු නැවත සක්‍රීය කරගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ජාත්‍යන්තර සංවිධාන කීපයක් සමග සාකච්ඡා කරමින් පවතින බවද ඔහු පැවැසීය.

    දැනට වසර තුනක සිට සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු අක්‍රිය තත්ත්වයක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි පැවැසීය.

    මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනක් ඉඳිකිරීම සඳහා රුපියල් මිලියන 4 ක පමණ මුදලක් වැයකර ඇතැයි ද ඔහු පැවැසුවේය.

    එම එක් කුලුනකින් වර්ග කිලෝමීටර් තුනක ප්‍රදේශයක් ආවරණය කෙරෙන බවත්, ඊට වඩා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද 15 ක් තිබෙන බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

    පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු එක ක්‍රමවේදයක් පමණක් බවද ඔහු පැවැසුවේය. පූර්ව අනතුරු ඇඟවීමේ එක් පද්ධතියක් අසාර්ථක වුවහොත් අනෙක් විකල්ප ක්‍රමවේද 14 ක්‍රියාත්මක වියයුතු බවද ඔහු කීවේය. එම ක්‍රමවේද සියල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සකස් කර ඇතැයි ද ඔහු පැවැසීය. කුලුනු අක්‍රිය වූවත් කුලුනු හරහා නිකුත් කළයුතු පණිවුඩය ප්‍රජාවට ලබාදීමට ගම් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

    ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව එක්ව මේ සියලු ක්‍රමවේදයන් සාර්ථකව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.

    මෙම චන්ද්‍රිකාව ඇමරිකා එක්සත් ජනපදයට අයත් සමාගමකට අයත් එකක් බව පැවසෙන අතර, මෙම චන්ද්‍රිකාව මගින් සංඥා ලබා ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය විසින් එම සමාගමට රුපියල් මිලියන හතක මුදලක් වාර්ෂිකව ගෙවා ඇතැයි ද අනාවරණය වේ.

    සාලිය කුමාර ගුණසේකර