hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Local News

  • තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    ‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතව තිබේ.

  • හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

    හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

    ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

  • පාසල්වල මත්ද‍්‍රව්‍ය සොයා පොලිස් මෙහෙයුම්..

    පාසල්වල මත්ද‍්‍රව්‍ය සොයා පොලිස් මෙහෙයුම්..

    පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ශ්‍රී ලංකා පොලිසිය විසින් “රටම එකට” ජාතික මෙහෙවර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව, පාසල් මට්ටමින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සහ සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහය ලබා දීමට කටයුතු යොදා ඇත.

    සමස්ත රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලින් උපුටා දැමීමයි. මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් සපයන අතර, විශේෂයෙන්ම පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත.

    මේ වන විටත් බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම වැඩසටහන් වල කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

    නිල සුනඛ සහය ලබා ගන්නා ආකාරය

    පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සහ පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයන්ගේ සහය අවශ්‍ය වන්නේ නම්, අදාළ පාසලේ විදුහල්පති/විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සමඟ සම්බන්ධ වී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇත.

    සම්බන්ධ කරගත යුතු දුරකථන අංක පහත දැක්වේ:

    • අධ්‍යක්ෂ, පොලිස් නිල සුනඛ කොට්ඨාසය:

    o ජංගම: 071- 8591816
    o ස්ථාවර: 081 – 2233429

    මෙම පියවර මගින් පාසල් භූමිය තුළ මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රචලිත වීම වැළැක්වීමට මෙන්ම, පාසල් දරුවන් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.

    C news

  • මාලිමා පාලනය මත්ද්‍රව්‍ය කල්ලිවලට ආධාර අනුබල නොදෙන පාලනයක්..- නි. ඇමති

    මාලිමා පාලනය මත්ද්‍රව්‍ය කල්ලිවලට ආධාර අනුබල නොදෙන පාලනයක්..- නි. ඇමති

     මත්ද්‍රව්‍ය මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ දේශපාලන නායකයන් ඊට අනුබල ආධාර ලබාදෙන නිසා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කරයි.

    තම රජය කිසිම ආකාරයකින් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර උපකාර නොකරන බවත් ඔහු කියා සිටී.

    අද මෙරට ඇත්තේ පාතාල අපරාධකරුවන්ට මත්ද්‍රව්‍ය කල්ලිවලට කිසිම ආකාරයකින් ආධාර අනුබල නොදෙන පාලනයක් බවත් හෙතෙම පවසයි.

    සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    C news

  • මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ට හැදුනුම්පත්…

    මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ට හැදුනුම්පත්…

    දිඹුල පතන පොලිස් වසමේ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි පත් කල මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් 25 දෙනෙකුට ඔවුන් සිදු කරන සේවය අගයා සහතික පත් සහ හැදුනුම්පත් නිකුත් කිරිමට නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් (05) දින පසුවරවේ හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේදි පැවැත්වින.

    දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත අබේවර්ධන මහතා විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ “රටම එකට” යන වැඩසටහන පිලිබදවද දැනුවත් කරනු ලැබුවා.

    මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සහයෝගය මත පොලිසිය සමග එක්ව මත්ද්‍රව්‍ය වලින් තරුණ පිරිස් මුදා ගැනීමට කටයුතු කල ආකාරය පිලිබදවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පැමිණ සිටි පිරිස දැනුවත් කරනු ලැබුවා.

    මෙම අවස්ථාවට කොටගල සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින්, කොටගල වෙළදසංගමයේ සභාපතිවරයා ඇතුලු ව්‍යාපාරික ප්‍රජාව, හින්දු පූජකවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

    රංජිත් රාජපක්ෂ     

  • NPP බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදියි

    NPP බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදියි

    ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ.

    ඊයේ (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය එහි සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක් ද දිනා ගනිමින් විපක්ෂය බලය හිමිකර ගත්තද සභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වුණි.

    එම ඡන්දයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවිය.

    කෙසේවෙතත් මංගල අයවැය සඳහා පැවැති පළමුවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කර තිබේ.

    කොලොන්න ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ සභිකයින් 9ක්, සමගි ජන බලවේගයේ සභිකයින් 5ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 3ක්, එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු සහ සර්වජන බලය පක්ෂයේ එක් සභිකයෙකුගෙන් සමන්විත වෙයි.

  • සැමියා සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්‍රීවරිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සැමියා සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්‍රීවරිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ දිස්නා නිරංජලා කුමාරි නම් මන්ත්‍රීවරියක්ය.

    ඇගේ සැමියා හා පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.

    ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක්ව ඇති බව සඳහන්.

    ඒ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහායදීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙනයන වැඩපිළිවෙළට සහයක් ලෙසද සලකා ඇය මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

    ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වනවිටත් යොමුකිරීමට කටයුතු කර ඇත.

    එමෙන්ම එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

  • බන්ධනාගාරය පාසලක් කරනවා..- අධිකරණ ඇමති

    බන්ධනාගාරය පාසලක් කරනවා..- අධිකරණ ඇමති

    “බන්ධනාගාරය යනු  දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත්  විය යුතුයි.  ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරනවා” යයි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

    හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර හා නිලධාරීනියන් 177 දෙනෙකු විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේදී සහභාගි වෙමිනි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

    අපේ රජය යටතේ යුක්තිය අතලොස්සක් දෙනෙකුගේ වරප්‍රසාදයක් නොව සියල්ලන්ගෙම අයිතියක් වන පාලන ක්‍රමයකට අවතීර්ණ වෙමින් සිටිනවා. ජාතික ජන බලවේග රජය යනු ජනතාවගේ බලය අධිකාරිය ජනතාවටම ආපසු ලබා දෙන ආණ්ඩුවක් බව කිව යුතුයි. අපි ජනතාවගෙන් කිසිවක් පැහැර ගන්නා රජයක් නොවේ. රාජ්‍ය ආයතන සහ නීතිය සම්බන්ධව මහජන විශ්වාසය ගොඩනැගීම, දුෂණය තුරන් කිරීම සහ රාජ්‍යයේ සෑම අතින්ම අවංකභාවය, සාධාරණත්වය සහ මහජන හිතකාමී බව පිළිබිඹු වන බව සහතික කිරීමේ වගකීම අපි භාර ගෙන තිබෙනවා. සමාජමය සහ නීතිමය ව්‍යාධීන් සුවපත් කරන යුක්තිය පසිඳලන ක්‍රියාමාර්ගයක් ගොඩ නැංවීමේ කාර්යභාරයේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරියෙන් සිටිනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය විය යුතු වන්නේ දඩුවමක් ලබාදීමක් ලෙස නොව නව ආරම්භයක් ලබාදීමේ මාර්ගයක් ලෙසයි. අපේ බන්ධනාගාර පද්ධතිය යළි පිළියෙල කිරීම මේ රජයේ මුලික වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. බන්ධනාගාර දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පරිවර්තනය විය යුතුයි. බන්ධනාගාරගත වන සිරකරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් අවාසි සහගත සමාජ පසුබිම්වලින් පැමිණි අයයි. ඔවුන්ගෙන් අති බහුතරයන් දෙනා 5 ශ්‍රේණිය හෝ 8 ශ්‍රේණියෙන් පසුව පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වු අයයි. අපරාධවල මූලයන් වන්නේ බොහෝ විට තනි පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් නොව සමාජ අසමානතාවය දරිද්‍රතාවය සහ වෙනස්කොට සැලකීමයි. බන්ධනාගාරගත වන සෑම රැඳවියෙක්ම දක්ෂ විනයගරුක සහ මානුෂියකරණය වු පුරවැසියෙකු ලෙස ඉන් පිටව යා යුතුයි. අපේ ජාතියට මාරාන්තික බලවේග දෙකක් වන මත්ද්‍රව්‍ය සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන බව සදහන් කළ යුතුයි. දශක ගණනාවක් පුරා බන්ධනාගාරය යන වචනය සමාජය තුළ ඇති කලේ බිය ජනක තත්වයක් බව ඔබ දන්නවා. එම ආඛ්‍යානය වෙනස් කළ යුතු අතරම බන්ධනාගාරය පුනරුත්ථාපනය විනය සහ සදාචාර සංවර්ධනය සිදු කරන ප්‍රකෘතිමත් ආයතන බවට පරිවර්තනය කළ යුතුයි. බන්ධනාගාර පද්ධතිය විනිවිද පෙනෙන වගවිය යුතු පද්ධතියක් බවට පත් කිරීම අපේ රජයේ අරමුණයි. බන්ධනාගාරය යනු බලාපොරොත්තු සුන් කරවන වධකාගාරයක් නොව ජීවිතය පිළිබද අපේක්ෂා දල්වන වැඩපොලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගන්නවා. 

    අධික තදබදය අඩුකරන, දඩුවම වෙනුවට පුනරුත්ථාපනය හා අධ්‍යාපනය, නිදහස් කිරීමෙන් පසු නැවත සමාජය හා ඒකාත්මක විය හැකි නීති රාමුවක් හා වටපිටාවක්  සකස් කිරීම, දඩුවම් ලබමින් සිටියදී රැඳවියන්ට පිළිගත් සහතික ලබා ගත හැකි වෘත්තිය පුහුණුව බන්ධනාගාර පද්ධතියට හදුන්වාදීම, රැඳවියන් තුළ පවත්නා මානසික සහ ශාරීරික කම්පනවලට පිළියමක් ලෙස මනෝ සෞඛ්‍ය ඇබ්බැහිවිම්වලින් සිදු වු හානිය ඉවත් කර සුවපත් කිරීම හා උපදේශන සේවා ශක්තිමත් කිරීම, දුෂණය සහ මත්ද්‍රව්‍ය බන්ධනාගාර පද්ධතියෙන් ඉවත් කිරීමට යෝජිත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සිදු කරනවා. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ නිල ඇඳුම සහ අදාළ ආම්පන්න තුළින් සංකේතවත් වන්නේ අන් අය කෙරෙහි බලපෑමක් නොව වගකීමක් යන්නයි. 

    බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ කොපමණ සිරකරුවන් සංඛ්‍යාවක් පාලනය කරනවාද යන්න මත නොව කොපමණ පිරිසකට තමන්ගේ ජීවිතය යහපත් පරිවර්තනයකට උපකාර කරනවාද යන්න මතයි. සිරකරුවෙකුට ගෞරව කරනවා යන්නෙන් අදහස් කරන්නේ නිලධාරීන් වන ඔබ සියලු පුරවැසියන්ට ගරු කරනවා යන්නයි. බන්ධනාගාරය යනු දඩුවම් කරන පීඩාවට නින්දාවට පත් කරන ස්ථානයක් නොව මිනිසුන් නිවැරදි කරවන මිනිසත් බවේ පරමාදර්ශ පිළිබිඹු කරන ස්ථාන බවට පත් කිරීමට අපි කැප විය යුතු බවද අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    ආධුනික පුහුණු බන්ධනාගාර නිලධාරීන් 168 දෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් 09 දෙනෙකු විසිරයාම මෙහිදී සිදු විය. 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ සුවිශේෂී දක්ෂතා දැක්වු ආධුනික නිලධාරීන්ට ජය සංකේත ප්‍රදානය කිරීමද අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර, පාඨමාලා පුහුණු ඛණ්ඩයේ සෑම අතින්ම දක්ෂතම ආධුනික පුහුණු නියාමක නිලධාරිනිය ලෙස ජී.ඩබ්ලිව්. ඩී. තිලිණි ඉසුරිකා සහ  සෑම අතින්ම දක්ෂ ආධුනික පුහුණු නියාමක නිලධාරියා ලෙස කේ. ඒ. චානක උපුල් අමරසූරිය සම්මාන ලබා ගන්නා ලදී.

    ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරීනියන් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනීය සංස්කෘතික සංදර්ශනයකින් විසරයාමේ උත්සවය වර්ණවත් විය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, ආධුනික පුහුණු බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරීනියන්ගේ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    C news

  • දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

    දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

    ලබන වසරේ (2026) ජනවාරි මාසයේ සිට පාසල් වේලාවන් පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනයට රජය ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, එම පියවරට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තමන් පසුබට නොවන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අනතුරු අඟවා තිබේ.

    කොළඹ මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් ප්‍රනාන්දු පැවසුවේ රජයේ තීරණයට ගුරුවරුන්ගෙන් කිසිදු විරෝධයක් නොමැති බවට අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    “අපි පසුගිය සති කිහිපය තුළ පාසලෙන් පාසලට ගොස් ගුරුවරුන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිමු. ඔවුන් මෙම තීරණයට විරුද්ධයි.” ශ්‍රී ලංකා ගුරු සංගමයේ සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ සාමාන්‍ය පෙළ (උසස් පෙළ) විභාගවලින් පසු දෙසැම්බර් 8 වන දින පාසල් නැවත විවෘත වන විට ඔවුන් එක්දින වැඩ වර්ජනයක් දියත් කරන බවයි. “වැඩ වර්ජනයක දිනයකින් පසුව වුවද අපට රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුනේ නම්, අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට අපි පසුබට නොවෙමු. කෙසේ වෙතත්, අපි කිසිදු බාධාවකින් තොරව උසස් තත්ත්වයේ විභාග රාජකාරිවලට සහභාගී වන්නෙමු,” ඔහු පැවසීය.

    2026 ජනවාරි මාසයේ සිට පාසල් වේලාවන් පෙ.ව. 7.30 සිට ප.ව. 2 දක්වා දීර්ඝ කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් වත්මන් කාලසටහන මිනිත්තු 30 කින් වැඩි කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නැවත අවධාරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා ගුරු සංගමයේ ස්ථාවරය පැමිණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මෑතකදී පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය තාක්ෂණික විශේෂඥතාවක් ඇති ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් නිර්මාණය කරන ලද ප්‍රතිසංස්කරණ පමණක් ක්‍රියාත්මක කරන බවයි.

    NIE මුලින් සෑම පාඩම් කාලයක්ම පැයකින් දීර්ඝ කිරීමට යෝජනා කළ නමුත් ප්‍රායෝගික හේතූන් මත එය විනාඩි 50 දක්වා අඩු කරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටි බව ඔහු පැහැදිලි කළේය. සෑම කාල පරිච්ඡේදයක්ම මිනිත්තු 50 ක් නම්, පාසල් වේලාවන් ප.ව. 2 දක්වා දීර්ඝ කළ යුතු බව ඔහු පැවසීය.

    gagana

  • ප්‍රකාශන හිමිකම් නීතියට කමිටුවක්

    ප්‍රකාශන හිමිකම් නීතියට කමිටුවක්

     මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත. මෙරට බුද්ධිමය දේපළ නීතිය යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් වන නීති තත්ත්වයන්, ජාත්‍යන්තර නීති ප්‍රවණතාවයන්ට අනුව ශක්තිමත් කිරීම සඳහා බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂෙත්‍රය සහ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි මෙම කමිටුව සමන්විත වී ඇත.

    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශනය හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡාව වෙළද අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

    එමෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ අරමුණ වී තිබේ.